අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර බෙල්ෆස්ට්හිදී අද (19 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 48.5 ක් අවසානයේ ලකුණු 210 කට සීමා කිරීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අෆ්ටාබ් අලාම් සහ දවුලත් සද්රාන් කඩුලු 3 බැගින් දවාගත් අතර ඔවුන්ට අනගි සහායක් දුන් රෂීඞ් ඛාන් ලකුණු 41 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු පෝල් ස්ටාර්ලින් පන්දු 94 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 71 ක් රැස්කළේය.
නායක විලියම් පොටර්ෆීල්ඞ් (53) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 99 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටාර්ලින් සමත් වූ අතර පන්දු 83 කදී වාර්තා වූ පොටර්ෆීල්ඞ්ගේ අර්ධ ශතකයට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
පස්වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි කෙවින් ඕ’බ්‍රයන් පන්දු 44 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 32 ක් රැස්කරමින් අයර්ලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
අයර්ලන්තය - ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 210
(පෝල් ස්ටාර්ලින් 71, විලියම් පොටර්ෆීල්ඞ් 53, කෙවින් ඕ’බ්‍රයන් 32, ජෝජ් ඩොක්රෙල් 14, අෆ්ටාබ් අලාම් 28/3, දවුලත් සද්රාන් 35/3, රෂීඞ් ඛාන් 41/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.