අම්බලන්ගොඩ ධර්මාශෝකයට කඩුලු 6 ක ජයක්
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති 51 වැනි ‘සුනිල සංග්‍රාමය ’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගැනීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ඊයේ (2 වැනිදා) සමත්විය.
පළමු ඉනිමේදී ලකුණු 167 ක් රැස්කළ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයට දෙවැනි ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 142 ක් පමණි. ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් වාර්තා වූ එකම අර්ධ ශතකයකයට හිමිකම් කීමට ලකුණු 56 ක් රැස්කළ සොහාන් ද ලිවේරා සමත්විය.
කවිඳු නදීශාන් (57) සහ නිමේෂ් මෙන්ඩිස්ගේ (54) අර්ධ ශතක හමුවේ පළමු ඉනිම සදහා ලකුණු 231 ක් රැස්කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමත්විය. සඳුන් ද සොයිසා කඩුලු 4 ක් ද, දසුන් ද සිල්වා සහ කවිඳු රාජපක්ෂ කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 79 ක ඉලක්කයක් හඹාගිය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය කඩුලු 4 ක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.
සඳුන් ද සොයිසා ලකුණු 74 කට කඩුලු 6 ක් දවාගනිමින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 44.2 කදී සියලුදෙනා දැවී ලකුණු 167
(සොහාන් ද ලිවේරා 56, නිමේෂ් ද සිල්වා 42, අකිල මෙන්ඩිස් 23/3, ලොහාන් ද සොයිසා 00/2, නවීන් රසාංග 26/2, දිනුක දිල්ශාන් 41/2)
ධර්මාශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 62.2 කදී සියලුදෙනා දැවී ලකුණු 231
(කවිඳු නදීශාන් 57, නිමේෂ් මෙන්ඩිස් 54, උෂාන් ඉමන්ත 40, යොහාන් ද සොයිසා 21, සඳුන් ද සොයිසා 55/4, දසුන් ද සිල්වා 39/3, කවිඳු රාජපක්ෂ 67/3)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 52.4 කදී සියලුදෙනා දැවී ලකුණු 142
(සචින් උදීපන 29, නිමේෂ් ද සිල්වා 27, සොහාන් ද ලිවේරා 22, නිමේෂ් මෙන්ඩිස් 27/4, යොහාන් ද සොයිසා 28/4)
ධර්මාශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 79
(උෂාන් ඉමන්ත 22, සඳුන් ද සොයිසා 19/2)