Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අබුඩාබි පිලට කඩුලු 6 ක ජයක්

අබුඩාබි පිලට කඩුලු 6 ක ජයක්

editorial - 2019 නොවැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන දහයයි 10 ලීග් ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබි කණ්ඩායම සහ නදර්න් වොරියර්ස් කණ්ඩායම අතර ඊයේ (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට නදර්න් වොරියර්ස් කණ්ඩායම සමත් විය.
 
ජයග්‍රහණය සඳහා ලකුණු 93 ක ඉලක්කයක් හඹාගිය අඩුඩාබි ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලුක් රයිට් (48) සහ මුයින් අලී (30) අබුඩාබි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 23 කට මුහුණදුන් ලුක් රයිට් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම අලංකාර කළ අතර අසේල ගුණරත්නගේ සහ සෑම් බිල්න්ස්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ ඔහු අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. පන්දු 20 කදී වාර්තා වූ අලීගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 13 ක් වන විට අබුඩාබි කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිරෝෂන් දික්වැල්ල ලකුණු 8 කට දවාගැනීමට ක්‍රිස් ග්‍රීන් සමත් විය. මුයින් අලී දැවී ගියේද ග්‍රීන්ගේ පන්දුවක් හමුවේය. එහිදී අසේල ගුණරත්න ඕවරයක් යවමින් එය ලකුණු 7 කට සීමා කළ අතර නුවන් ප්‍රදීප් යැවූ ඕවරයකදී ලකුණු 14 ක් රැස්කිරීමට අබුඩාබි පිතිකරුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නදර්න් වොරියර්ස් කණ්ඩායම ඕවර 10 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 92 ක් ලබා ගත්තේය. වොරියර්ස් කණ්ඩායමේ බිඳ වැටුණ එකම කඩුල්ල බවට පත් වූ නායක ඩැරන් සැමී පන්දු 13 කදී හයේ පහරක් සමග ලකුණු 17 ක් ලබා සිටියදී බෙන් ලෝන්ලින්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ ආරම්භක පිතිකරු සෑම් බිලින්ස් (නොදැවී 35) සහ ඔන්ඩි්‍ර රසල් (නොදැවී 37) වොරියර්ස් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. පන්දු 20 කදී වාර්තා වූ බිලින්ස්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර පන්දු 27 කදී වාර්තා වූ රසල්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

නදර්න් වොරියර්ස් පිල - ඕවර 10 කදී කඩුල්ලක් දැවී 92
(ඩැරන් සැමී 17, සෑම් බිලින්ස් නොදැවී 35, ඔන්ඩි්‍ර රසල් 37)

අබුඩාබි පිල - ඕවර 8.3 කදී කඩුලු 4 ක් දැවී 93
(ලුක් රයිට් 48, මුයින් අලී 30, ක්‍රිස් ග්‍රීන් 22/2)

-036

 


අදහස් (0)

අබුඩාබි පිලට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.