Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අබුඩාබි දහයයි-10 තරගාවලියේ වීරයා වනිඳු
අබුඩාබි දහයයි-10

අබුඩාබි දහයයි-10 තරගාවලියේ වීරයා වනිඳු

editorial - 2021 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

තරග 12 කදී කඩුලූ 21 ක් දවාගනිමින් අබුඩාබි දහයයි-10 තරගාවලියේ වීරයා බවට පත්වීමට ශූරතාව දිනාගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කළ පා දඟ පන්දු යවන කී‍්‍රඩක වනිඳු හසරංග සමත් විය. අබුඩාබි දහයයි-10 තරගාවලියකදී වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගත් කී‍්‍රඩකයා ලෙස එහිදී ඔහු නව වාර්තාවක්ද පිහිටුවේය.

තරගාවලිය පුරා  ඕවර 23 ක් (පන්දු 138 ක්) යවා ප‍්‍රතිවාදීන්ට ලකුණු 195 ක් පමණක් ලබාදුන් වනිඳුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 9.29 ක අගයක් ගත්තේය. ඊට තරගයකදී කඩුලූ 4 බැගින් දවාගත් අවස්ථාවක් සහ කඩුලූ 5 ක් බැගින් දවාගත් අවස්ථාවක්ද ඇතුළත් විය. බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයකදී නිලකුණ  ඕවරයක් සමග  ඕවර 2 ක් යවා ලකුණු 8 කට වනිඳු දවාගත් කඩුලූ 5, දහයයි-10 ක‍්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම ලෙසද සටහන් විය.

අවසන් මහ තරගයේදී ලකුණු 56 කින් දිල්ලි බුල්ස් කණ්ඩායම පරාජය කරමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වනිඳු කී‍්‍රඩා කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 160 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායම ඕවර 10 අවසානයේ ලකුණු 103 කට සීමා කිරීමට වනිඳු ප‍්‍රමුඛ ඩෙකෑන් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී වනිඳු, ඔඬේන් ස්මිත් සහ ටයිමාල් මිල්ස් කඩුලූ 2 බැගින් දවාගනිමින් ඩෙකෑන් කණ්ඩායමේ ජයග‍්‍රහණය පහසු කළහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම  ඕවර 10 අවසානයේ කිසිවකු නොදැවී ලකුණු 159 ක් ලබාගත්තේය. ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ ඔන්ඩි‍්‍ර රසල් පන්දු 32 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 90 ක්ද, කොලර් කැඩ්මෝ පන්දු 28 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 59 ක්ද රැුස්කිරීමට සමත් වූහ. එහිදී ඔවුන් දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව දහයයි-10 තරගයකදී  ඕනෑම කඩුල්ලක් සඳහා පැවැති හොඳම සම්බන්ධතාව ලෙසද වාර්තා අතරට එක් විය.


ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල -  ඕවර 10 කදී කිසිවකු නොදැවී 159
(කොලර් කැඞ්මෝ නොදැවී 59, ඔන්ඩි‍්‍ර රසල් නොදැවී 90)

දිල්ලි බුල්ස් පිල -  ඕවර 10 කදී කඩුලූ 7 ක් දැවී 103
(රහ්මතුල්ලා ගුර්බාස් 14, චන්ද්‍රපෝල් හේමරාජ් 42, ඔයින් මෝගන් 13, ආදිල් රෂීඩ් නොදැවී 15, ටයිමාල් මිල්ස් 04/2, වනිඳු හසරංග 20/2, ඔඬේන් ස්මිත් 20/2)

 


අදහස් (0)

අබුඩාබි දහයයි-10 තරගාවලියේ වීරයා වනිඳු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.