
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 145 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කෝඩුකාර අබ්දුල්ලා ශෆීක් සහ අබීඞ් අලී එක්ව චිතගොන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානුවන් වෙනුවෙන් බලාපොරොත්තු පොදිබඳිමින් සිටිති.
තරගයේ දෙවැනි දිනය වූ අද (27 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පාකිස්තානුවෝ සිය මුල් ඉනිම සඳහා කිසිවකු නොදැවී ලකුණු 145 ක් ලබා සිටියහ.
සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම මුල් ඉනිමේදී ලකුණු 330 කට දැවී ගියේය.
නොදැවී ලකුණු 93 ක් ලබා සිටින අබීඞ් අලී තමාගේ සිව්වැනි ටෙස්ට් ශතකයට ආසන්න වෙමින් සිටින අතරේ කෝඩුකාරයා (නොදැවී 52) සිය මංගල ටෙස්ට් තරගයේදීම අර්ධ ශතකය පසුකර ගියේය.
”අද දිවා ආහාරයෙන් පස්සේ පන්දුව ටිකක් දඟ කැවුණා. ඒ වෙනකොට පන්දුවත් ටිකක් පරණ වෙලා තිබුණේ. ඒ නිසා අපි කඩුල්ලේ රැඳී සිටිමින්, දුර්වල පන්දු වලින් ප‍්‍රයෝජන ගත්තා” යයි අබීඞ් අලී තරගයෙන් පසුව පැවසීය.
කාසිය වාසිය දිනා ලකුණු රැුස්කිරීම තෝරාගත් බංග්ලාදේශය, අද උදෑසන තරගය ආරම්භ කළේ කඩුලූ 4 ක් දැවී ලකුණු 253 ක් ලබා සිටිමිනි. එහෙත් හසන් අලීගේ (51/5) පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිම 330 දී නිමාවට පත්විය.
ලිටන් දාස් ශතකය ලබාගත් නමුත් බංග්ලාදේශයේ ලකුණු යන්ත‍්‍රය වන මුෂ්ෆිකුර් රහීම්ට (91) ශතකය අහිමි විය. මෙම ලකුණු 330 න් ලකුණු 205 ක්ම ලිටන් දාස් සහ මුෂ්ෆිකුර් රහීම් දෙදෙනා එකතු කළහ.
බංග්ලාදේශය - පළමු ඉනිම 330 යි
(ශද්මන් ඉස්ලාම් 14, යසිෆ් හසන් 14, නජ්මුල් හොසේන් 14, මුශ්ෆිකුර් රහීම් 91, ලිටන් දාස් 114, මෙහෙදි හසන් නොදැවී 38, තයිජුල් ඉස්ලාම් 11, ශහීන් අෆ්රීඩි 70/2, හසන් අලී 51/5, ෆහීම් අශ්රෆ් 54/2)
පාකිස්තානය - පළමු ඉනිම කිසිවකු නොදැවී 145 යි
(අබීඞ් අලී නොදැවී 93, අබ්දුල්ලා ශෆීක් නොදැවී 52)



- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.