Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුලා විද්‍යාලයට ලකුණු 68 ක ජයක්

අනුලා විද්‍යාලයට ලකුණු 68 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට එරෙහිව ලකුණු 68 ක (ලකුණු ලබාගැනීමේ වේගය මත) ජයක් ලබාගැනීමට නුගේගොඩ අනුලා විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සී.එම්.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

හවස්වරුවේ ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරගය අතරමග නැවැත්වූ අතර තරගයේ ජය ලකුණු ලබාගැනීමේ වේගය මත තීරණය විය.

අනුලා විද්‍යාලයේ හර්ෂිතා සමරවික්‍රම ශතකයක් (නොදැවී 139) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූවාය.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.


අනුලා විද්‍යාලය - ඕවර 25 කදී කඩුල්ලක් දැවී ලකුණු 219
(හර්ෂිතා සමරවික්‍රම නොදැවී 139, සිත්මී හිරාෂා 51)

රත්නාවලී බාලිකා විද්‍යාලය - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 37
(පබසරා රණබාහු 18)

 


අදහස් (0)

අනුලා විද්‍යාලයට ලකුණු 68 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.