Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පුහුණුකරුවන් අතර විශිෂ්ටතම පුහුණුකරුවකු වූ අනුරුද්ධ පොළොන්නෝවිට මහතාගෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවූ සේවය අගයමින් “ස්තුතියි සර්” උපහාර උත්සවය හෙට (19 වැනිදා) පෙරවරු 8.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙයි. වසර 40 කට වැඩි කාලයක් ආනන්ද විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ අනුරුද්ධ පොළොන්නෝවිට මහතා එම කාලය අතරතුර ඔප මට්ටම් කළ ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 1000 කට වැඩි මිස අඩු නොවේ.
කුඩා ක්‍රීඩකයන්ගේ හැකියාවන් ඔප මට්ටම් කිරීම පමණක් නොව ඔවුන්ගේ ජීවිතය හැඩගැස්වීම ද පැරණි ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සිරිතක්ව පැවතිණ. අනුරුද්ධ පොළොන්නෝවිට මහතා ද ඒ කුලකයේ පුහුණුකරුවෙකි.
පොළොන්නෝවිට මහතා ආනන්දයේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කළ සමයේදී ආනන්දයේ සිටි ක්‍රීඩකයෝ 26 දෙනෙක් පසු කළෙක ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළහ. එම ක්‍රීඩකයන් අතර සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ මාවන් අතපත්තු වැන්නෝත් සිටිති.
ආනන්ද විද්‍යාලයේ පුහුණුකරු ධූරයේ කටයුතු කිරීමට අමතරව, අනුරුද්ධ පොළොන්නෝවිට මහතා 60 දශකයේදී ලංකා කණ්ඩායම ද නියෝජනය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දියාවේදී ඉන්දියාව පරාජය කළ එකම සිව්දින තරගයේදීත් (1964 - අහමදාබාද්) පොළොන්නෝවිට මහතා කණ්ඩායමේ 11 දෙනා අතර සිටියේය. පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතික තණතීරු සැකසුම්කරුවා වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කළ පොළොන්නෝවිට මහතා 2013 දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම විශ්‍රාම ගත්තේය.
ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ ද සහයෝගය ඇතිව, ආනන්ද ක්‍රිකට් පියස, ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ විද්‍යාලයේ පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ද සහයෝගය ඇතිව, ආදි අනන්ද ක්‍රීඩා සමාජය විසින් මෙම උපහාර උත්සවය සංවිධානය කරනු ලබයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.