Last Update  :  2025-08-31 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අනුරාධපුර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

අනුරාධපුර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී දෙබරවැව ජාතික පාසලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. මෙම තරගය දෙබරවැව ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ චමෝද්‍ය ඉඳුරුව පළමු ඉනිමේදී අර්ධ ශතකයක් (54) සහ දෙවැනි ඉනිමේදී ශතකයක් (නොදැවී 110) රැස්කිරීමට සමත්වු අතර පසිඳු දිල්ශාන් ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පළමු ඉනිමේදී කඩුලු 5 ක් ද සහ දෙවැනි ඉනිමේදී කඩුලු 8 ක් ද සමගින් ලකුණු 147 කට කඩුලු 13 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වන්නට දෙබරවැව ජාතික පාසලේ චතුර ජයනාත් සමත්විය.


අනුරාධපුර ම.ම. විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76.5 කදී සියලුදෙනා දැවී ලකුණු 197
(චමෝද්‍ය ඉඳුරුව 54, අශ්මික ප්‍රබෝධ 45, සිතුම් බණ්ඩාර 28, හේෂාන් ගුණර්ධන 22, චතුර ජයනාත් 65/5, තිසල් දම්සර 51/3)

දෙබරවැව ජාතික පාසල- පළමු ඉනිම - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 168
(සහන් චංචල නොදැවී 30, ශෙහාන් මලින්ද 25, චතුර ජයනාත් 26, පසිඳු දිල්ශාන් 29/5, සිතුම් බණ්ඩාර 51/3)

අනුරාධපුර ම.ම. විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 88 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 240
(චමෝද්‍ය ඉඳුරුව නොදැවී 110, ප්‍රසාද් ලසන්ත 59, චතුර ජයනාත් 82/8)

 


අදහස් (0)

අනුරාධපුර මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.