සංදීප නිසංසලගේ අගනා ශතකය හේතුවෙන් අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සමග පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 20 ක ජයක් ලබාගැනීමට අනුරාධපුර මැදි විදුහල සමත්විය.
පන්දු 72 ක් තුළදී වාර්තාවූ සංදීපගේ ශතකයට (126) හතරේ පහර 17 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත්විය.
පණ්ඩුල නිවන්තක සහ අජිත් සඳරුවන්ද ලකුණු 93 බැගින් රැුසකරමින් ජයග‍්‍රහණයේ ප‍්‍රබල කොටස්කරුවන් බවට පත්වූ අතර ඔවුන් දෙදෙනාම ශතක පෙනි පෙනි දැවීගියහ.
ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා දේවපතිරාජ විදුහලට ලකුණු 191 ක් රැස්කිරීමට සිදුවුවත්, සියලූදෙනා දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 171 ක් පමණි.
එහිදී අනුරාධපුර මැදි විදුහලේ මහේෂ් ශෂික ලකුණු 89 කට කඩුලූ 6 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම ඕවර 67 කදී කඩුලූ 8 කට 419
(සංදීප නිසංසල 126, පන්ඩුල නිවන්තක 93, අජිත් සඳරුවන් 93, දිල්ෂාන් චමික 39, ප‍්‍රභාත් බුද්ධික 25, රවීන් යසස් 89/3, දිල්ෂාන් කාංචන 94/2)
දේවපතිරාජ විදුහල - පළමු ඉනිම - ඕවර 73.3 කදී සියලූදෙනා දැවී 228
(අවිෂ්ක ගිම්හාන 66, නිලංක රුක්ෂිත 37, රමිඳු නිකේෂල 24, උමේෂ් කසුන් 22, දිල්ෂාන් කාංචන 22, මහේෂ් ශෂික 38/3, සංදීප නිසංසල 81/3, කසුන් වීරතුංග 51/2)
දේවපතිරාජ විදුහල - දෙවැනි ඉනිම - ඕවර 60.1 කදී සියලූදෙනා දැවී 171
(රමිඳු නිකේෂල 71, අවිෂ්ක ගිම්හාන 29, ළහිරු මධුවන්ත 18, මහේෂ් ශෂික 51/3, කසුන් වීරතුංග 18/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.