Last Update  :  2025-08-03 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්මුක් ඉන්දියාව අතහැර ඇමරිකාවට යයි

අන්මුක් ඉන්දියාව අතහැර ඇමරිකාවට යයි

editorial - 2021 අගෝ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවට යොවුන් ලෝක කුසලානයක් දිනා දීම සඳහා නායකත්වය දුන් ක‍්‍රීඩකයකු වන අන්මුක්ත් චාන්ද් 28 වැනි වියේ පසුවෙද්දී ජාත්‍යන්තර තරග බිමෙන් සමුගැනීමට තීරණය කර ඇත. ලොව පුරා පවතින වෙනත් අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කිරීම වෙනුවෙන් චාන්ද් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට ඔහු ඉන්දියාව වෙනුවෙන් කුමන ආකාරයක ක‍්‍රිකට් තරගයකට ක‍්‍රීඩා නොකරනු ඇත.

“මා දන්නේ නෑ මේ සම්බන්ධයෙන් මට මොනවගේ හැඟීමක් තියේවිද කියලා... මම තවමත් ඒ ගැන සිතමින් සිටිනවා” යැයි ඔහු සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණ.

නැවත මගේ රට නියෝජනය කිරීමට නොහැකි වීම පිළිබඳ සිතුවිල්ල වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මගේ හදගැස්ම මොහොතක් නතර කළා. පෞද්ගලිකව මගේ ක‍්‍රිකට් ගමනේදී ඉතාමත් උත්කර්ෂවත් අවස්ථා කිහිපයක් තියෙනවා.”

”ඉන්දියාව වෙනුවෙන් 19 න් පහළ ලෝක කුසලාන දිනා ගැනීම මගේ ජීවිතයේ වටිනාම අවස්ථාවක්. නායකයකු ලෙස කුසලාන ඔසවා ලොව පුරා සිටින බොහෝ ඉන්දියානුවන්ගේ මුවට සිනහවක් ගෙන ඒමට හැකිවීම විශේෂ හැඟීමක්. ඒ හැඟීම මට කවදාවත් අමතක කරන්න බැහැ.” යැයිද එහිදී ඔහු සඳහන් කර තිබිණ.

2012 වසරේදී පැවැති වයස 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීම සඳහා ඉන්දීය යොවුන් කණ්ඩායම මෙහෙයවූ චන්ද්, එහි අවසන් මහ තරගයේදී නොදැවී ලකුණු 111 ක් රුස්කරමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියේය. ඉන් අනතුරුව ඉන්දීය ‘ඒ’ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ ඔහු 2015 වසර දක්වාම එහි නායකයා ලෙසද කටයුතු කළේය.

2013 වසරේදී පැවැති ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කළ ක‍්‍රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයට මෙන්ම 2014 වසරේ ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කළ ක‍්‍රීඩකයන් 30 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයටද ඇතුළත් වූ චන්ද්ට එම තරගාවලි දෙකේදීම ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවීය. දස්කම්වල ඉහළම තලයේ සිටියදී පවා ඔහුට ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගැනීමට නොහැකි විය.

2011 වසරේදී පළමු වරට ඉන්දීය ප‍්‍රීමියර් ලීග් තරගාවලියට ක‍්‍රීඩා කළ චන්ද්, එහිදී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කළේය. පසු කළෙක ඔහු රාජස්ථාන් රෝයල්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් සඳහාද කී‍්‍රඩා කළේය. එහෙත් අයි.පී.එල්. තරග බිමේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු අපොහොසත් විය.

පළමු පෙළ තරග 67 කට ක‍්‍රීඩා කර ඇති ඔහු එහිදී ලකුණු 3379 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 31.57 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.

සීමිත  ඕවර තරග 120 කදී ලකුණු 4505 ක් රුස්කිරීමට චන්ද් සමත්ව ඇති අතර එහිදී ඔහුගේ සාමාන්‍යය 41.33 ක අගයක් ගනී.

විස්සයි20 තරග 77 කදී 22.35 ක සාමාන්‍යකට හිමිකම් කියන ඔහු රුස්කර ඇති ලකුණු සංඛ්‍යාව 1565 කි.  

 

-036

 


අදහස් (0)

අන්මුක් ඉන්දියාව අතහැර ඇමරිකාවට යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.