Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය 20 දා සිට

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය 20 දා සිට

editorial - 2021 සැප් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය ලබන මස (ඔක්තෝබර්) 20 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. දැනට රට පුරා පවතින නිරෝධායන ඇඳිරි නීතිය ලබන මස 1 වැනිදා සිට ඉවත් කළහොත් දැනට සැලසුම්කර ඇති ආකාරයට තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැකිවනු ඇත.

ඒ අනුව අන්තර් සමාජ සීමිත ඕවර (ඕවර 50) තරගාවලියෙන් 2021/22 දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භ වනු ඇත. සීමිත ඕවර තරගාවලිය පැවැත්වෙන ආකාරය අනුව අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියද ඉක්මනින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය රට පුරා සීඝ්‍රයෙන් පැතිරයාම හේතුවෙන් පසුගිය අගෝස්තු 20 වැනිදා සිට රටපුරා නිරෝධායන ඇඳිරි නීතිය පැණවීමට සිදුවිය. ඒ අනුව අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියද දින නියමක් නොමැතිව කල්දැමීමට සිදුවිය. සිමිත ඕවර (ඕවර 50) තරගාවලිය සැප්තැම්බර් 07 වැනිදාත්, පළමු පෙළ තරගාවලිය (තුන් දින) සැප්තැම්බර් 10 වැනිදාත්, ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළින් සැලසුම් කර තිබුණි.

නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමත් සමගින් යළිත් දේශීය තරගාවලි ආරම්භ කිරීමට පෙර අවම වශයෙන් සති තුනකවත් කාළයක් පුහුණුවීම් සඳහා ලබාදෙන ලෙස ක්‍රීඩා සමාජ විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා තිබුණි. ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 වැනිදා අවසන් වුවහොත් තරගාවලියට සූදානම් වීම සඳහා දින 20 ක පමණක කාලයක් ක්‍රීඩා සමාජ වලට හිමිවනු ඇත.

අරවින්ද ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් උපදේශන කමිටුවේ යෝජනාවක් මත මෙතෙන් පැවැති ‘ඒ’ ශ්‍රේණියේ සහ ‘බී’ ශ්‍රේණියේ තරගාවලි දෙක, එකම තරගාවලියක් බවට පත්කර තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් කමිටුවේ අවසරයට හිමිවූ අතර පසුගිය මාසයේ පැවැති අති විශේෂ මහසභා රැස්වීමකදී සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් එය සම්මත විය.

ඒ අනුව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 26 ක් අන්තර් සමාජ තරගාවලියට එක්වනු ඇත.


අදහස් (0)

අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය 20 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.