Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
![]() |
ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය අනිද්දා (8 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පස්වරු 2.00 සිට පැවැත්වේ.
අර්ධ අවසන් පූර්ව වටයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල පරාජය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් ශාන්ත ඇලවීෂියස් විදුහල, එහිදී මහනුවර ති‍්‍රත්ව විදුහල පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
ඉකුත් වසරේ අනුශූරයන් වූ ශාන්ත පීතර විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේදී ගාල්ල රිච්මන්ඞ් විදුහලද, අවසන් පූර්ව වටයේදී මොරටුව වේල්ස් කුමර විදුහලද පරාජය කරමිනි.
ශාන්ත ඇලවීෂියස් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස ගිහාන් නිරෝෂන්ද, උප නායකයා ලෙස සජිත් සංකල්පද කටයුතු කරන අතර ශාන්ත පීතර විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස විනූ මොහොට්ටිද, උප නායකයා ලෙස හෂාන් වනසේකරද කටයුතු කරති.
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග‍්‍රහය යටතේ ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙම තරගාවලිය සංවිධානය කරයි.
ශාන්ත පීතර විදුහල් කණ්ඩායම -
විනූ මොහොට්ටි (නායක), හෂාන් වනසේකර (උප නායක), චන්දුල ජයමාන්න, ලක්ෂිණ රොද්‍රිගූ, තනීෂ වීරකෝන්, මනෙල්ක ද සිල්වා, අනිෂ්ක පෙරේරා, රවිඳු ද සිල්වා, සදිෂ් පතිරණගේ, රන්දිල් සෙනෙවිරත්න, දිනාල් ජයකොඩි, සචින් ප‍්‍රනාන්දු, ජෙරම් ප‍්‍රනාන්දු, සන්තුෂ් ගුණතිලක, රන්මිත් ජයසේන, අශාන්ත් මලීක, ශෙලොන් රොද්‍රිගූ, ඉනේෂ් පෙරේරා, විනුල් ගුණවර්ධන, මලින්ද වර්ණපුර (පුහුණුකරු) සහ සනත් චින්තක (කී‍්‍රඩාව භාර ආචාර්ය)
ශාන්ත ඇලවීෂියස් විදුහල් කණ්ඩායම -
ගිහාන් නිරෝෂන් (නායක), සජිත් සංකල්ප (උප නායක), නවිඳු නිර්මාල්, අශේන් බණ්ඩාර, රවිඳු සංජන, ලක්මාල් ප‍්‍රභාෂ්වර, හරීන් බුද්දිල, ප‍්‍රබෝධ මධුෂංඛ, නිලූක්ෂ දුල්මිණ, යසස් ප‍්‍රමෝද්‍ය, අශේන් කාවින්ද, අමිල ඒකනායක, ඉමල්ක සකුන්, අනුජ ශෙහාන්, කවික දිල්ෂාන්, මාලක ද සිල්වා (පුහුණුකරු) සහ ජගත් සමරසිංහ (කී‍්‍රඩාව භාර ආචාර්ය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.