Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 144 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ටෙස්ට් ඉනිමකදී කඩුලූ 10 ම දවාගත් තුන්වැනි පන්දු යවන්නා බවට නවසීලන්තයේ අජාස් පතෙල් පත්විය. ඉන්දියාව සහ නවසීලන්තය අතර මුම්බායි නුවර වැන්කඬේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී අජාස් පතෙල් ඉන්දීය පිලේ කඩුලූ 10 ම දවාගැනීම නිසා ඉන්දීය මුල් ඉනිම ලකුණු 325 කට සීමා විය.
ඉන්දීය පළමු ඉනිමේදී අජාස් පතෙල්ගේ පන්දු යැවීම වාර්තා වූයේ 47.5-12-119-10 ක් ලෙසිනි.
අජාස් පතෙල් හැරෙන්නට, වසර 144 ක ටෙස්ට් ඉතිහාසය පුරාම, එවන් දස්කමක් කර ඇත්තේ එංගලන්තයේ ජිම් ලේකර් සහ ඉන්දියාවේ අනිල් කුම්බල් පමණි. ජිම් ලේකර්, 1956 දී ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයකදීත්, අනිල් කුම්බල්, 1999 දී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදීත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 10 ම දවාගත්හ.
”අපේ සමාජයට ගෞරවයෙන් පිළිගනිමු. අති විශිෂ්ට පන්දු යැවීමක්. ටෙස්ට් තරගයේ පළමු සහ දෙවැනි දින වලදී මේ දස්කම කිරීමට අති විශේෂ උත්සාහයක් අවශ්‍යයි” යයි ටෙස්ට් කඩුලූ 619 ක හිමිකරුවකු වන අනිල් කුම්බල් ‘ට්විටර්’ සටහනක් තබමින් අජාස් පතෙල්ට සුබ පතා තිබිණ.
මුම්බායි නුවරදී උපත ලද අජාස් පතෙල්, වමතින් දඟ පන්දු යවන්නෙකි. 1996 දී සිය පවුලේ උදවිය සමගින් නවසීලන්තයේ පදිංචියට යන විට අජාස් පතෙල් යන්තම් 8 හැවිරිදි කොලූ ගැටයෙකි. වේග පන්දු යවන්නකු ලෙසින් සිය කි‍්‍රකට් දිවිය ආරම්භ කළ නමුත් අද ඔහු දඟ පන්දු යවන්නෙකි.
අද පෙරුවේදී යැවූ පළමු ඕවරයේදීම ඉන්දීය පිලේ කඩුලූ රකින්නා වන රිදිමන් සහා සහ රවිචන්ද්‍රන් අශ්වින් දෙදෙනා දවාගැනීමට අජාස් පතෙල්ට හැකි විය. දිවා ආහාරයෙන් පසු ඉන්දීය පිලේ අවසන් පිතිකකරුවන් සිව් දෙනාම දවාගත් අජාස් වසර 22 කට පසුව, ටෙස්ට් ඉනිමකදී කඩුලූ 10 ම සම්පූර්ණ කළ පන්දු යවන්නා වූයේය.
අජාස් පතෙල්ට 10 වැනි කඩුල්ල හිමිකර දෙමින් මොහොමඞ් සිරාජ්ගේ උඩපන්දුව රැුකගන්නා ලද්දේ තවත් ඉන්දීය සම්භවයකින් යුත් නවසීලන්ත ජාතිකයකු වන රචින් රවීන්ද්‍ර විසිනි.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 325 න් ආරම්භක පිතිකරුවා වූ මයන්ක් අගර්වාල් ලකුණු 150 කට හිමිකම් කීවේය.
(ඡායාරූපය - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.