Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මුම්බායිහි වන්කඬේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඉන්දීය කණ්ඩායම, ආරම්භක පිතිකරු මායන්ක් අගර්වාල්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ පළමු දිනය වූ අද (3 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 4 ක් දැවී ලකුණු 221 ක් ලබා සිටියේය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වෙද්දී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ අගර්වාල් හයේ පහර 4 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 120 ක් ලබා දිනය නිමාවන විට නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. ශුබ්මන් ගිල් (44) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගූ අගර්වාල්, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රෙයාස් අයියර් (18) සමගද ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය.
පළමු දිනය නිමාවන විට රිධිමන් සාහා (නොදැවී 25) සමග එක්ව අගර්වාල් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 61 කි. එහිදී ශූබ්මන් ගිල් හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින්ද, ශ්‍රෙයාස් අයියර් හතරේ පහර 3 ක් සමගද, රිධිමන් සාහා හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගද ලකුණු රැස්කළහ.
මුලූ ලකුණු සංඛ්‍යාව 80 ක්ව තිබියදී ගිල් දැවී යෑමත් සමග ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව බිඳවැටුණි. එතැන් පටන් ඉන්දීය ඉනිමට එක් ලකුණක් හෝ එක්වීමට පෙර චෙතේෂ්වර් පුජාරා (0) සහ විරාට් කෝලිද (0) පිටියෙන් ඉවත් කළ අජාස් පටේල් ඉන්දීය කණ්ඩායම ලකුණු 80 කට කඩුලූ 3 ක් ලෙස අසීරු තත්ත්වයකට ඇද දැමුවේය. ඉන්දීය ඉනිමේ බිඳවැටුණ කඩුලූ 4 ටම හිමිකම් කී අජාස් පටේල් පළමු දිනය තුළදී ඕවර 29 ක් යැව්වේය.
ඉන්දීය පළමු ඉනිම - කඩුලූ 4 කට 221
(මායන්ක් අගර්වාල් නොදැවී 120, ශුබ්මන් ගිල් 44, ශ්‍රෙයාස් අයියර් 18, රිධිමන් සාහා නොදැවී 25, අජාස් පටේල් 72/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.