Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අක්ෂර් - අශ්වින් ඉන්දියාවට වාසිය ගෙනෙති
ඉන්දියා - නවසීලන්ත පළමු ටෙස්ට් තරගය (3 වැනි දිනය)

අක්ෂර් - අශ්වින් ඉන්දියාවට වාසිය ගෙනෙති

editorial - 2021 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පස්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 ක් දවාගත් අක්ෂර් පතෙල්ගේ පන්දු යැවීම නිසා කාන්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (27 වැනිදා) හිස් කෙළින් තබාගනිමින් දිනය අහවර කිරීමට ඉන්දීය කී‍්‍රඩකයෝ සමත් වූහ. ඉන්දියානුවන් සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 345 ට පිළිතුරු වශයෙන් නවසීලන්ත පිලට ලබාගත හැකිවූයේ ලකුණු 296 කි.

මුල් ඉනිමේදී හිමිකරගත් ලකුණු 49 ක වාසියත් සමගින් තරගයේ තුන්වැනි දිනය වන අද සවස කී‍්‍රඩාව නතර කරන විට ඉන්දියානුවෝ කඩුලූ 9 ක් අතැතිව ලකුණු 63 ක් ඉදිරියෙන් සිටියහ. ඒ වන විට ඉන්දියානුවෝ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 14 ක් ලබා සිටියහ. මයන්ක් අගර්වාල් (නොදැවී 04) සහ චෙටේස්වාර් පුජාරා (නොදැවී 09* පිටියේ රැුඳී සිිටි පිතිකරුවෝ වූහ.

දඟ පන්දු යවන්නන්ගේ තෝතැන්නක් වන කාන්පූර් පිටියේදී නවසීලන්තයට අසිීරු අභියෝගයක් බාරදීමේ අරමුණ ඇතිව ඉන්දියානුවෝ සිය දෙවැනි ඉනිමේ ලකුණු සොයා යමින් සිටිති.

කඩුලූ 6 කට ලකුණු 249 ක් ලබා සිටිමින් නවසීලන්ත පිතිකරුවෝ තේ පානයට ගියහ. අවසන් කඩුලූ 4 ට තවත් ලකුණු 100 ක් පමණ ලබාගත්තේ නම් ඔවුනට මුල් ඉනිමේ වාසිය අත්කරගත හැකිව තිබුණද ඉන්දීය දඟපන්දු යවන්නෝ නවසීලන්තයේ අවසන් කඩුලූ 4 ම ලකුණු 38 ක් තුළදී දවාගනිමින් මුල් ඉනිමේ වාසිය තමන් වෙත ඇදගත්හ.

නවසීලන්තයේ සැනසීමට තිබුණේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා එක්කළ ලකුණු 151 ක සම්බන්ධතාව පමණි. එහෙත් රවිචන්ද්‍රන් අශ්වින් සහ අක්ෂර් පතෙල් එක්ව ඔවුන් දෙදෙනාටම ශතක අහිමි කළෝය.

එන්න එන්නම මන්දගාමී වෙමින් පවතින තණතීරුවකදී, පන්දු යවන්නාගේ අන්තයේ සීමාව මැනවින් ප‍්‍රයෝජනයට ගත් අක්ෂර් පතෙල් ටිම් සවුති දවාගනිමින් පස්වැනි වතාවටත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 5 සම්පූර්ණ කළේය. ඉන්දිය පිලේ අංක එකේ දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 83 කට කඩුලූ 3 ක් දවාගත්තේය.

”අද මේ තණතීරුව පළමු දවස් දෙකටම වඩා මන්දගාමීයි. ඒක තව තවත් මන්දගාමී වෙමින් තියෙනවා” යයි අක්ෂර් පතෙල් තරගයෙන් පසුව පැවසීය. පතෙල්ගේ මේ කතාව නවසීලන්ත පිිතිකරුවන්ගේ මනසට භීතිය ඇතුළත් කරවන්නකි.


ඉන්දියාව - පළමු ඉනිම 345 යි
නවසීලන්තය - පළමු ඉනිම 296 යි

(ටොම් ලෙතම් 95, විල් යංග් 89, කේන් විලියම්සන් 18, රොස් ටේලර් 11, ටොම් බ්ලන්ඞ්ල් 13, රචින් රවීන්ද්‍ර 13, කයිල් ජැමීසන් 23, රවිචන්ද්‍රන් අශ්වින් 83/3, අක්ෂර් පතෙල් 62/5)
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලූ 1 ට 14 යි

- 213

 


අදහස් (0)

අක්ෂර් - අශ්වින් ඉන්දියාවට වාසිය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.