ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පාකිස්තානු නිත්‍ය කඩුලූ රකින ක‍්‍රීඩක අද්නන් අක්මාල් තුවාල ලැබීම නිසා තරගාවලියේ ඉදිරි තරග අහිමිවිය.
තරගයේ සිවුවැනි දිනය වන අද (03 වැනිදා) යුනිස් ඛාන් කඩුලූ රකින්නා ලෙස කටයුතු කරයි.
ටෙස්ට් තරග 4කට සහභාගි වී ඇති කඩුලූ රකින ක‍්‍රීඩක ෂෆ්රාස් අහ්මඞ් ටෙස්ට් සංචිතයට කැදවා තිබේ.
තෙවැනි දිනය වූ ඊයේ (02) අවසන් පන්දුවේදී කෞෂාල් සිල්වාගේ උඩ පන්දුව රැුක ගැනීමට යෑමේදී අද්නන් අක්මාල්ගේ වම් අතේ දඹර ඇගිල්ලක් තුවාල විය. එහිදී අද්නන්ගේ අත ක‍්‍රීඩාංගණයේ ඇනුණු අතර අනතුරුව අක්මාල් දැඩි වේදනාවෙන් ක‍්‍රීඩාංගාරයට පැමිණියේය.
ඒ හේතුවෙන් අද්නන් අක්මාල්ට සති තුනක පමණ කාලයක් ක‍්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට සිදුවී ඇති බව වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.