Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket III කොටසේ ශූරතාව ශ්‍රී චන්ද්‍රසේකර ම.විද්‍යාලයට

III කොටසේ ශූරතාව ශ්‍රී චන්ද්‍රසේකර ම.විද්‍යාලයට

Nisanka Sandeepani - 2017 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ III කොටසේ අවසන් මහා තරගයේ ශූරතාව හිමිකර ගැනීමට මොරටුව ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලය පසුගියදා (27 වැනිදා) සමත්විය. ගාල්ල බටපොළ මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 4 ක් ජයක් හිමිකර ගනිමින් ශූරතාව දිනාගැනීමට මොරටුව ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලයට හැකි විය.

ජයග්‍රහණය සදහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලය ඕවර 24 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකරමින් ශූරතාව දිනා ගත්තේය. ලක්ෂිණ සසිඳු අර්ධ ශතකයක් (නොදැවී 61) රැස්කරමින් තම විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලය පළමු පන්දුවට පහරදීම සදහා බටපොළ මහා විද්‍යාලයට ආරාධනා කළ අතර සියලුදෙනා දැවී ඕවර 45.1 කදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ විරංග ප්‍රනාන්දු ලකුණු 22 කට කඩුලු 5 ක් දවාගනිමින් ශ්‍රී චන්ද්‍රසේකර මහා විද්‍යාලය වෙනුවෙන් දස්කම් දැක්වීය.

බටපොළ ම.වි - ඕවර 45.1 කදී සියලුදෙනා දැවී 116
(හේෂාන් කුමාර 28, චින්තක තුෂාර නොදැවී 18, විරංග ප්‍රනාන්දු 22/5)

ශ්‍රී චන්ද්‍රසේකර ම.වි - ඕවර 24 කදී කඩුලු 6 ක් දැවී 117
(ලක්ෂිණ සසිඳු නොදැවී 61, චමෝද් අපෝන්සු 22, පැතුම් කුමාර 26/2, අරේෂ කුමාර 32/2)


අදහස් (0)

III කොටසේ ශූරතාව ශ්‍රී චන්ද්‍රසේකර ම.විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.