අන්තර් පාසල් වයස 17 න් පහළ සිංගර් කුසලාන කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම ඊයේ (29 වැනිදා) සමත්විය.
කොළඹ ආර්. පේ‍්‍රමදාස ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුලූ 7 ක ජයක් වාර්තා කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම, ඕවර 41.2 ක් අවසානයේ කඩුලූ 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. පන්දු 84 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 73 ක් රැස්කළ කවීන් විජේරත්න තරගයේ වීරයා බවට පත්විය.
මසිත් කරුණාරත්න (නොදැවී 41) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 108 ක සම්බන්ධතාවක් ගොඩනගමින් තම කණ්ඩායම ජග‍්‍රහණය කරා ගෙනයෑමටද කවීන් විජේරත්න සමත්විය.
කාසියේ වාසිය දිනූ රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායමට ඕවර 48.2 ක් අවසානයේ සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 183 ක් පමණි. එහිදී ශේෂාන් කරුණාරත්න හතරේ පහර 6 ක් සමගින් ලකුණු 61 ක් රැස්කළ අතර සජන පෙරේරා (නොදැවී 21) සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය.
දකුණත් වේග පන්දුයවන්නකු වන අභිෂේක් පෙරේරා ලකුණු 22 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගම සංවිධානය කළ මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස සිංගර් ශ්‍රී ලංකා සමාගම කටයුතු කළේය.
ශාන්ත පීතර විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 183
(ශේෂාන් කරුණාරත්න 61, සජන පෙරේරා නොදැවී 21, තරුෂ පෙරේරා 17, අභිෂේක් පෙරේරා 22/4, ගෝතම් විෂ්වජිත් 25/2, චාමක එදිරිසිංහ 42/2)
රාජකීය විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 41.2 කදී කඩුලූ 3 ක් දැවී 184
(කවීන් විජේරත්න 73, මසිත් කරුණාරත්න නොදැවී 41, නිලේෂ් නරේනද්‍රන් 21, කි‍්‍රෂිකන් රවින්ද්‍රනාතන් 16)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.