Last Update  :  2021-05-12 21:44:00 About Contact
IMG-LOGO
නිවස්න පිටුව Cricket I - 'බී' කාණ්ඩයේ ශුරතාව ගාල්ල මහින්දයට

I - 'බී' කාණ්ඩයේ ශුරතාව ගාල්ල මහින්දයට

editorial - 2021 මැයි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ 'බී' කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට ගාල්ල මහින්ද විදුහල සමත් විය. කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ඉරිදා (2 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව කඩුලු 3 ක  ජයක් ⁣වාර්තා කරමින් මහින්ද විදුහල් ක්‍රීඩකයෝ එම ශූරතාවට හිමිකම් කීහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹාගිය මහින්ද විදුහල් ක්‍රීඩකයෝ ඕවර 35.4 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී ඉතා ඉවසිලිමත් ඉනිමක් ක්‍රීඩා කළ ධනුජ ඉඳුවර පන්දු 61 කදී නොදැවී ලකුණු 24 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරැ කළේය.

ආරම්භක පිතිකරැ කෞෂිත කොඩිතුවක්කු පන්දු 37 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 23 ක්ද, කවිඳු ලක්ෂාන් පන්දු 56 කදී ලකුණු 15 ක්ද රැස් කරමින් මහින්ද විදුහලේ ජයග්‍රහණය සඳහා දායකත්වය සැපයූහ.

දේවපතිරාජ විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉරැෂික තිමිර, නිලකුණු ඕවරයක් සමග ඕවර 8.4 යවමින් ලකුණු 25 ට කඩුලු 3 ක් බිඳහෙළුවද ඔහුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගත නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහලට නවෝද් පරණවිතාන සහ සුභානු රාජපක්ෂ ප්‍රමුඛ මහින්ද විදුහල් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 36.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි.

එහිදී නිලකුණු ඕවර 3 ක් සමඟ ඕවර 6.5 යැවූ  නවෝද් පරණවිතාන ලකුණු 08 කට කඩුලු 3 ක්ද, සුභානු රාජපක්ෂ ලකුණු 22 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් දේවපතිරාජ ඉනිම සුනුවිසුණු කර දැමූහ. ඒ සඳහා ඔවුන්ට අනගි සහායක් දුන් ඔසිඳු කාවින්ද්‍ය ලකුණු 24 කට කඩුලු 2 ක් දවාගත්තේය.

දේවපතිරාජ විදුහල - ඕවර 36.5 කදී සියලු දෙනා දැවී 99

(සසංක නිර්මාල් 17, නවෝද් පරණවිතාන 08/3, සුභානු රාජපක්ෂ 22/3, ඔසිඳු කාවින්ද්‍ය 24/2)

මහින්ද විදුහල - ඕවර 35.4  කදී කඩුලු 7 ක් දැවී 103

(ධනුජ ඉඳුවර නොදැවී 24, කෞෂිත කොඩිතුවක්කු 23, ඉරැෂික තිමිර 25/3)


අදහස් (0)

I - 'බී' කාණ්ඩයේ ශුරතාව ගාල්ල මහින්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.