ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 39 වැනි අදියර (2018) ලබන මස (ඔක්තෝබර්) 1 වැනිදා සිට නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය. ක්‍රිකට් ක්‍රීඩාව පාසල් මට්ටමින් ඉහළ තලයකට රැගෙනයාමේ සුවිශේෂී පියවරක් ලෙස ‘වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම’ තරගය හැදින්විය හැකිය.
මෙවර තරගාවලියේ ජනප්‍රියම සම්මාන සඳහා සමස්ථ ලංකා සහ නැගී එන පාසල් යන කාණ්ඩ 2 ට අමතරව ‘බාලිකා පාසල්’ සඳහා නව කාණ්ඩයක් එක් කිරීමටද සංවිධායකයෝ පියවර ගෙන තිබේ. ඒ අනුව තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව වසරේ ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්කිරීම සඳහා මනාපය පළ කිරීමට පාඨකයන්ට අවස්ථාව ලැබේ.
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බාලිකා පාසල් සංඛ්‍යාව මේ වන විට 32 ක් දක්වා ඉහළ ගොස් තිබීම නිසා ජනප්‍රියම ක්‍රීඩිකාවන් තේරීම සඳහා මෙන්ම දක්ෂතම ක්‍රීඩිකාවන් තේරීම සඳහාද නව කාණ්ඩයක් එක් කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
ජනප්‍රියම ක්‍රිඩක ක්‍රීඩිකාවන් තේරීමේ තරගය මේ වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා (ඉරිදා) සිට සති 26 ක් පුරා පැවැත්වෙන අතර ලබන වසරේ (2018) මාර්තු මාසයේදී නිමාවට පත්වේ. පාඨකයන්ට සිය මනාපය පළ කිරීම සඳහා නිකුත් කෙරෙන කූපන්පත් ඔක්තෝබර් මස 1 වැනිදා සිට විජය පුවත්පත් සමාගමේ සන්ඬේ ටයිම්ස්, ඬේලි මිරර් සහ ඬේලි එෆ්.ටී. යන ඉංග්‍රීසි පුවත්පත් වලත්, ‘ලංකාදීප’ සහ ‘අද’ යන සිංහල පුවත්පත් වලත් අන්තර්ගත වේ.
දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම විශේෂ තේරීම් කමිටුවක අධීක්ෂණය යටතේ කෙරෙන අතර එලෙස තෝරාගැනෙන සියලු ක්‍රීඩකයන් අත්‍යාලංකාර සම්මාන රාත්‍රීයකදී ඔවුන්ගේ සම්මාන හිමිකරගනු ඇත.
වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා මේ වසරේදී ඩයලොග් සමාගම නව තාක්ෂණික ක්‍රමවේදයක් හඳුන්වාදුන් අතර අතර ලබන වසර (2018) සඳහාද එය ක්‍රියාත්මක වේ. එහිදී www.dialog.lk/cricket යන වෙබ් අඩවියට පිවිසීමෙන් තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය හරහා මනාපය පළ කිරීමේ අවස්ථාවද පාඨකයන්ට හිමිවේ.
තම පාසල නියෝජනය කරමින් ලකුණු 400 කට වඩා රැස්කළ ක්‍රීඩකයන්ට සහ කඩුලු 25 කට වඩා දවාගත් ක්‍රීඩකයන් නිරායාසයෙන්ම මෙම තරගයට ඇතුළත් වේ. එම ක්‍රීඩකයන් හැරුණුකොට ජනප්‍රිම ක්‍රීඩකයා තේරීමේ තරගයට සහභාගි වීමට අවශ්‍ය සෙසු ක්‍රීඩකයන් www.dialog.lk/cricket වෙබ් අඩවියේ ලියාපදිංචි විම මගින් සිය සහභාගීත්වය තහවුරු කළ යුතුය.
කූපන්පත් මගින් යොමුකෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල සන්ඬේ ටයිම්ස් පුවත්පතේ, සන්ඬේ ටයිම්ස් වෙබ් අඩවියෙත්, ලංකාදීප පුවත්පතේ මෙන්ම www.dialog.lk/cricket වෙබ් අඩවියේ පළ කෙරේ.
ඉකුත් වසරේ පැවැති වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේදී දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලේ නිපුන් රංසික සමත් වූයේය. මීගමුව මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෲස්පුල්ලේ සමස්ථ ලංකා කාණ්ඩයේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.