Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 28 - 30 පුහුණු තරග 2 ක්

28 - 30 පුහුණු තරග 2 ක්

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට කී‍්‍රඩකයන් තෝරාගැනීම සඳහා පුහුණු තරග 2 ක් පැවැත්වීමට සනත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

එම තරග දෙක සඳහා කී‍්‍රඩකයන් 11 දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් නම කර ඇති අතර ඉන් එක් කණ්ඩායමක නායකත්වය අශාන් පි‍්‍රයන්ජන්ටත්, අනෙක් කණ්ඩායමේ නායකත්වය උපුල් තරංගටත් හිමිවී තිබේ.

මෙම පුහුණු තරග දෙකම කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අතර ඉන් පළමු වැන්න 28 වැනිදාත්, දෙවැන්න 30 වැනිදාත් පැවැත්වේ.

අශාන් පි‍්‍රයන්ජන්ගේ කණ්ඩායම -
කුසල් ජනිත්, ධනුෂ්ක ගුණතිලක, කිත්රුවන් විතානගේ, අශාන් පි‍්‍රයන්ජන් (නායක), ජීවන් මෙන්ඩිස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, රමිත රඹුක්වැල්ල, ලක්ෂාන් සඳකැන්, ළහිරු මලින්ත සහ නිසල තාරක

උපුල් තරංගගේ කණ්ඩායම -
උපුල් තරංග (නායක), උදාර ජයසුන්දර, භානුක රාජපක්ෂ, රොෂේන් සිල්වා, සදීර සමරවික‍්‍රම, සීකුගේ ප‍්‍රසන්න, ෆර්විස් මහරුෆ්, ළහිරු ගමගේ, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස් සහ කසුන් මධුසංක

අතිරේක -
චතුරංග ද සිල්වා, විශ්ව ප‍්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ප‍්‍රියමාල් පෙරේරා, අසේල ගුණරත්න, ඉෂාන් ජයරත්න, නිලංක පේ‍්‍රමරත්න

-036

 


අදහස් (0)

28 - 30 පුහුණු තරග 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.