කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති 27 වැනි ‘කැලණි හටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය විස`දුකින් තොරව අවසන් විය.
තරගයේ දෙවැනි සහ අවසන් දිනය වූ අද (10) ගුරුකුල විදුහල දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 121 ක් රැස්කර සිටියදී තරගය අවසන් කළේය.
ශ්‍රී ධර්මාලෝක විදුහල වෙනුවෙන් රිසිත් උපමාල් පන්දු 157 කදී හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 100 ක් රැස්කරමින් තරගයේ වීරයා සහ දක්‍ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබීය.
ධර්මාලෝක විදුහලේ තිවංක කැකුළුවල පළමු ඉනිමේදී ලකුණු 81 කට කඩුලූ 6 ක් සමගින් ලකුණු 111 කට කඩුලූ 10 ක් දවා ගනිමින් දක්‍ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය.
ගුරුකුල විදුහලේ ලිසුල ලක්‍ෂාන් දක්‍ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන හිමිකර ගත්තේය.
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 59.5 කදී සියලූ දෙනා දැවී 215
(රකිත් නිමේෂ් 23, උදාර රවිදු 25, ලිසුල ලක්‍ෂාන් 33, ජනිත් විජේසූරිය 32, තරිදු තාරක 19, ළහිරු චාමර 21, ජයමාල් වන්නිආරච්චි 21, තිවංක කැකුළුවල 81/6)
ශ්‍රී ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 60 කදී කඩුලූ 8 ට 196
(රිසිත් උපමාල් 100, චමෝද් මෙන්ඩිස් 20, තිවංක කැකුළුවල 27, දමිත හසිත 34/4, ජයමාල් වන්නිආරච්චි 67/2)
ගුරුකුල විදුහල දෙවැනි ඉනිම - ඕවර 66.3 කදී සියලූ දෙනා දැවී 121
(තරිදු තාරක 39, තිවංක කැකුළුවල 30/4, නිමේෂ් අරවින්ද 17/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.