Last Update  :  2025-12-23 17:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 23න් පහළ අන්තර් පළාත් තරගාවලිය ඇරඹෙයි

23න් පහළ අන්තර් පළාත් තරගාවලිය ඇරඹෙයි

Nisanka Sandeepani - 2018 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23 න් පහළ අන්තර් පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලිය කොළඹ, මහනුවර, ගාල්ල සහ දඹුල්ල යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ඊයේ (2 වැනිදා) ආරම්භ විය. තරග 6 කින් සමන්විත මෙම තරගාවලිය හොරණදී සහ බණ්ඩාරගමදී පැවැත්වේ. 
 
එහිදී කොළඹ කණ්ඩායමේ නායකත්වය හසිනි පෙරේරාට හිමිව ඇති අතර මහනුවර කණ්ඩායමේ නායකත්වය මල්ෂා ෂෙහානිට හිමිවී ඇත. හර්ෂිතා මාදවී දඹුල්ල කණ්ඩායමේ නායිකාව ලෙසත්, සත්‍යා සංදීපනී ගාල්ල කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කරති. 
 
මෙම තරගාවලිය එක්දින තරගාවලියක් ලෙස පැවැත්වෙන අතර එහිදී කණ්ඩායම් දෙකම ඉනිම් දෙක බැගින් ක්‍රීඩා කළ යුතුය. 
 
තරග කාලසටහන 
අප්‍රේල් 2 වැනිදා - දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හොරණදී   
අප්‍රේල් 2 වැනිදා - මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර බණ්ඩාරගමදී   
අප්‍රේල් 3 වැනිදා - කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හොරණදී 
අප්‍රේල් 4 වැනිදා - දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හොරණදී 
අප්‍රේල් 5 වැනිදා - මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර බණ්ඩාරගමදී  
අප්‍රේල් 5 වැනිදා - ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර හොරණදී  
 
කොළඹ කණ්ඩායම 
හසිනි පෙරේරා (නායිකා), තාරිකා සෙව්වන්දි, පබසරා රණබාහු, සචිනි ජයවර්ධන, සචිනි දිල්ෂානි, සදනි දිල්ෂානි, හරනි හේවාතන්ත්‍රි, සදනි තිවංකා, දිලිණි ජයවර්ධන, ජනධි අනාලි, මල්ෂා රත්නතුංග, නිමේෂා මධුෂානි, රුවනි මධුෂිකා, සිත්මි මිරාශා, කේ.කේ. සුරංති, ජීවන්ත කුලතුංග මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ එන්. බණ්ඩාරතිලක මහතා (සහාය පුහුණුකරු) 

මහනුවර කණ්ඩායම
මල්ෂා ෂෙහානි (නායිකා), තරුෂි රාජකරුණා, සචිනි දයාරත්න, රුවනි නන්දසේන, සයනි ඕෂධී, සංසලා වනිගසේකර, දිනූෂි මදාරා, උදාරා බණ්ඩාර, ඉරේෂා දයානන්ද, ජී.එල්. නිමේෂිකා, ලක්මාලි රාජපක්ෂ, වී.සරනියා, සදුනි නිසංසලා, කාවින්දි පාරමී, උමේෂා තිමේෂානි, අමිල පින්නදූව මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ එන්. විමලවීර මහතා (සහාය පුහුණුකරු) 

දඹුල්ල කණ්ඩායම 
හර්ෂිතා මාධවී (නායිකා), ශ්‍රියානි දිනේෂිකා, ලිහිණි අප්සරා, කෞෂල්‍යා ජයවර්ධන, ප්‍රසාදි මධුෂිකා, පූර්ණිමා ප්‍රනාන්දු, සිතුමිණී මියුරංගිකා, ගිමන්ති වත්තේගෙදර, ජිනංජලී විජේනායක, සසිනි ප්‍රනාන්දු, ජුඩිත් ප්‍රනාන්දු, සුගන්ධිකා ප්‍රනාන්දු, අංජලී ලෝව්, ප්‍රභාෂි ප්‍රනාන්දු, සයනි නිමේෂා, එච්. ගම්අධිකාරි මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ එස්. ජයන්ත මහතා (සහාය පුහුණුකරු) 

ගාල්ල කණ්ඩායම 
සත්‍යා සංදීපනී (නායිකා), කවීෂා දිල්හාරි, ලංකා දර්ශනී මෙන්ඩිස්, ඩී.එම්. විජේසිංහ, ඉරේෂා චතුරානි, පූජා රෂ්මි, නිලක්ෂනා සදමිණි, ඉමේෂා දුලානි, සචිනි නිසංසලා, සිකාරි නිවර්තනා, ටී.චතුරංගි, සුලේෂා සත්සරණි, තාරුකා හේෂානි, ඒ.අයි.එස්. මල්ෂානි, චේතනා විමුක්ති, බී. එදිරිවීර මහතා (ප්‍රධාන පුහුණුකරු) සහ සී. කොඩිකාර මහතා (සහාය පුහුණුකරු) 
 
 
 

අදහස් (0)

23න් පහළ අන්තර් පළාත් තරගාවලිය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.