ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක‍්‍රිකට් පළමු වැනි කොටසේ තරගාවලියට ඕස්ටේ‍්‍රලියානු යොවුන් ක‍්‍රීඩකයන් සිවුදෙනකු සහභාගි වීමට නියමිතය.
ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රබල යොවුන් ක‍්‍රීඩකයන් වන ඇෂ්ටන් ඒගර් (ද්‍රවිඩ සංගමය), විලියම් බොසිස්ටො (එන්.සී.සී.), මැතිව් ෂෝට් (සී. සී. සී.) සහ ජේම්ස් මුරාඞ් (මුවර්ස්) මෙවර 23 න් පහළ තරගාවලියට කී‍්‍රඩා කිරීමට නියමිතය.
මේ අතරින් ටෙස්ට් ක‍්‍රීඩක ඇෂ්ටන් ඒගර්ගේ මව ශ්‍රී ලාංකික කාන්තාවක් වන අතර 20 හැවිරිදි ඒගර් සිය පළමු ටෙස්ට් ඉනිමේදී ලකුණු 98 ක් රැස්කරමින් ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ අංක 11 පිතිකරුවකු රැස්කළ ඉහළතම ලකුණු වාර්තාවට හිමිකම් කියයි.
මෙවර වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.