Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 23 න් පහළ අවසන් මහ තරගය හෙට - අනිද්දා

23 න් පහළ අවසන් මහ තරගය හෙට - අනිද්දා

editorial - 2023 මාර් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය මුවර්ස් ක්‍රිකට් සමාජය සහ රාගම ක්‍රිකට් සමාජය අතර හෙට (21 වැනිදා) සහ අනිද්දා (22 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයේදී ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරමින් අතර රාගම ක්‍රිකට් සමාජය අවසන් තරගයට සුදුසුකම් ලැබීය. මුවර්ස් ක්‍රිකට් සමාජය අවසන් තරගයට පිවිසියේ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් පූර්ව තරගයේදී එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබමිනි.
‘සී’ කාණ්ඩය යටතේ තරග වැදුණ මුවර්ස් ක්‍රිකට් සමාජය පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 2 ක් ලබමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය. ‘ඩී’ කාණ්ඩය යටතේ තරග වැදුණ රාගම ක්‍රිකට් සමාජය අවසන් පූර්ව වටයට පිවිසියේ පූර්ණ ජයග්‍රහණ 2 ක් සහ පළමු ඉනිමේ ජයක් ලබමිනි.

අවසන් පූර්ව තරගවලදී රාගම ක්‍රිකට් සමාජයේ රන්මිත් ජයසේන (139) සහ ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජයේ නවෝද් පරණවිතාන (102) ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මුවර්ස් ක්‍රිකට් සමාජයේ ඉම්තියාස් සල්සා ලකුණු 93 කට 6 ක්ද, එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ නිම්නක ජයතිලක ලකුණු 55 කට කඩුලු 5 ක්ද බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


පළමු අවසන් පූර්ව තරගය
රාගම ක්‍රිකට් සමාජ පළමු ඉනිම - ඕවර 94.3 කදී කඩුලු 9 ක් දැවී 311
(රන්මිත් ජයසේන 139, කල්හාර සේනාරත්න නොදැවී 60, ඩිලෝන් පීරිසි 43, විජයකාන්ත් වියස්කාන්ත් 85/3, දුලාජ් සමුදිත 43/2, නවීන් ප්‍රනාන්දු 25/2)

ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජ පළමු ඉනිම - ඕවර 67.5 කදී කඩුලු 9 ක් දැවී 240
(නවෝද් පරණවිතාන 102, සිතාර හපුහින්න 41, තරිඳු හර්ෂණ 26, සලිඳු පතිරණ 20, ඩිලෝන් පීරිස් 51/3, යොහාන් ලියනගේ 12/2, කල්හාර සේනාරත්න 50/2)


දෙවැනි අවසන් පූර්ව තරගය
මුවර්ස් ක්‍රිකට් සමාජ පළමු ඉනිම - ඕවර 77 කදී කඩුලු 9 ක් දැවී 239
(ජනිෂ්ක පෙරේරා 72, රසීන් රම්ලාන් 38, සිසිත මදනායක නොදැවී 34, දේෂාන් ගමගේ 22, නිම්නක ජයතිලක 55/5, කළණ පෙරේරා 63/3)

එස්.එස්.සී. ක්‍රීඩා සමාජ පළමු ඉනිම - ඕවර 49.1 කදී සියලු දෙනා දැවී 151
(නිපුන් ධනංජය 37, සසිඳු මල්ෂාන් 34, කළණ පෙරේරා 25, ඉම්තියාස් සල්සා 93/6, තීසාන් විතුෂාන් 28/2)

 

මුවර්ස් ක්‍රිකට් සමාජය

 

රාගම ක්‍රිකට් සමාජය


අදහස් (0)

23 න් පහළ අවසන් මහ තරගය හෙට - අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.