ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ වයස 23 න් පහළ අන්තර් පාළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ප්‍රසාද ලකුණු 24.69 ක් ලබාගත් මහනුවර කණ්ඩායම සමත් විය.
ප්‍රසාද ලකුණු 23.13 ක් ලබාගත් ගාල්ල කණ්ඩායම තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත් අතර දඹුල්ල (ප්‍රසාද ලකුණු 15.18) සහ කොළඹ (ප්‍රසාද ලකුණු 2.74) කණ්ඩායම් පිළිවෙලින් එහි තෙවැනි සහ සිවුවැනි ස්ථාන වලට පත් විය.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මහනුවර කණ්ඩායමේ නායික මල්ෂා ෂෙහානි සම්මාන දිනාගත්තාය. දක්ෂතම පිතිකාරිණිය ලෙස ගාල්ල කණ්ඩායමේ නායක සත්‍යා සංදීපනීද, දක්ෂතම පන්දුයවන්නිය ලෙස මහනුවර කණ්ඩායමේ සයනි ඕෂදීද සම්මාන ලැබූහ.
තරග 6 කින් සමන්විත වූ මෙම තරගාවලිය හොරණදී සහ බණ්ඩාරගමදී පැවැති අතර මහනුවර, ගාල්ල, දඹුල්ල සහ කොළඹ යන කණ්ඩායම ඊට සහභාගි විය.
|
මහනුවර කණ්ඩායම |
|
ගාල්ල කණ්ඩායම |
|
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව -මල්ෂා ෂෙහානි (මහනුවර කණ්ඩායම) |
|
දක්ෂතම පිතිකාරිණිය - සත්‍යා සංදීපනී (ගාල්ල කණ්ඩායම) |
|
දක්ෂතම පන්දු යවන්නිය- සයනි ඕෂදී (මහනුවර කණ්ඩායම) |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.