ඉන්දියානූ ආරම්භක පිතිකාරිණී ස්මි්‍රතී මන්ධනා 2018 වසරේ අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාව සහ එක්දින ක්‍රීඩිකාව ලෙස තේරී පත්වී ඇත. එක්දින ලකුණු 669 ක් රැස්කර ඇති මන්ධනා ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 66.90 ක් ලෙස පවත්වා ගනිමින් 2018 වසරේ වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණිය බවට පත්විය. එමෙන්ම විස්සයි20 ලකුණු 622 ක් රැස්කරමින් 2018 වසරේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිණියන් අතර තෙවැනි ස්ථානයේ පසුවූ මන්ධනාගේ ප්‍රහාරාත්මක වේගය හෙවත් පන්දු 100 කදී ලබාගන්නා ලකුණු සංඛ්‍යාව 130.67 කි.
2018 වසරේ විස්සයි20 ක්‍රීඩිකාව ලෙස ඕස්ටේ්‍රලියාවේ ඇලීසා හීලී තේරී පත්වී ඇති අතර ඇය පසුගියදා අවසන්වූ විස්සයි20 කාන්තා ක්‍රිකට් ශූරතාවලියේ දක්ෂතම ක්‍රිඩිකාවට හිමි සම්මානය දිනාගත්තාය. එහිදී ලකුණු 225 ක් රැස්කළ හීලීගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 56.25 ක් වූ අතර ලකුණු ලබාගැනීමේ වේගය පන්දු 100 කදි 144.23 ක් විය.
22 හැවිරිදි මන්ධනා අයි.සී.සී. සම්මානයක් දිනාගත් දෙවැනි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකාව වූවාය. හිටපු ඉන්දීය වේගපන්දු යවන්නියක්වූ ජුලාන් ගෝස්වාමී 2007 වසරේදී අයි.සී.සී. කාන්තා ක්‍රිකට් ක්‍රිඩිකාව ලෙස පළමු වරට සම්මාන හිමිකර ගත්තාය.
අන්තර්ජාතිතක ක්‍රිකට් සභාව විසින් 2018 වසර සඳහා නම්කරන ලද එක්දින කාන්තා කණ්ඩායමේ නායකත්වය නවසීලන්ත ක්‍රිඩිකා සුසී බේට්ස්ට හිමිවී ඇති අතර විස්සයි20 කාන්තා කණ්ඩායමේ නායකත්වය ඉන්දිය ක්‍රිඩිකා හර්මන්ප්‍රීට් කෞර් හට හිමිව තිබේ.
මෙම කණ්ඩායම් දෙක සඳහා පූර්ණ සාමාජිකත්වය හිමි රටවල් 8 න් 7 කම ක්‍රීඩිකාවන් තේරී සිටියද එකම ශ්‍රී ලාංකීය ක්‍රීඩිකාවක තේරී නොමැත.
2018 වසරේ කාන්තා එක්දින කණ්ඩායම
ස්මි්‍රතී මන්ධනා (ඉන්දියාව), ටමී බියුමවුන්ට් (එංගලන්තය), සුසී බේට්ස් - නායිකා (නවසීලන්තය), ඬේන් වෑන් නිකර්ක් (දකුණු අප්‍රිකාව), සොෆී ඩෙවින් (නවසීලන්තය), ඇලීසා හිලී (ඕස්ට්‍රේලියාව, කඩුලු රකින්නිය), මරිසෑනී කේප් (දකුණු අප්‍රිකාව), ඩියේන්ද්‍ර ඩොටින් (බ.ඉ.කො), සානා මීර් (පාකිස්තානය), සොෆී එක්ලෙස්ටොන් (එංගලන්තය) සහ පූනම් යාදව් (ඉන්දියාව)
2018 වසරේ කාන්තා විස්සයි20 කණ්ඩායම
ස්මි්‍රතී මන්ධනා (ඉන්දියාව), ඇලීසා හිලී (ඕස්ට්‍රේලියාව, කඩුලු රකින්නිය), සුසී බේට්ස් (නවසීලන්තය), හර්මන්ප්‍රීට් කෞර් (ඉන්දියාව, නායිකාව), නටාලී සේයර් (එංගලන්තය), එලිසා පෙරී (ඕස්ට්‍රේලියාව), ඈෂ්ලි ගාර්ඞ්නර් (ඕස්ට්‍රේලියාව), ලීෆ් කැස්පෙරෙක් (නවසීලන්තය), මේගන් ෂූට් (ඕස්ට්‍රේලියාව), රුමානා අහ්මඞ් (බංග්ලාදේශය) සහ පූනම් යාදව් (ඉන්දියාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.