ලබන මස 14 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වන වයස 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන් මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස් නම්කර තිබේ. කී‍්‍රඩකයන් 15 දෙනකුගෙන් යුත් ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ උපනායකයා වශයෙන් කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ සධීර සමරවික‍්‍රම කටයුතු කරයි.
කුසල් මෙන්ඩිස් පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැති ආසියානු කුසලාන 19 න් පහළ තරගාවලියේදීද ශී‍්‍ර ලංකා පිල මෙහෙයවූ කී‍්‍රඩකයාය.
ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම
1. කුසල් මෙන්ඩිස් (නායක - වේල්ස් කුමර විදුහල - මොරටුව)
2. සධීර සමරවික‍්‍රම (ශාන්ත ජෝෂප් විදුහල - කොළඹ)
3. විනෝද් භානුක (මලියදේව විදුහල - කුරුණෑගල)
4. හෂාන් දුමිඳු (ගුරුකුළ විදුහල - කැළණිය)
5. කවිඳු කුලසේකර (තර්ස්ටන් විදුහල - කොළඹ)
6. පි‍්‍රයමාල් පෙරේරා (ශා. ජෝෂප් විදුහල - කොළඹ)
7. තිලක්‍ෂ සුමනසිරි (සා. තෝමස් විදුහල - ගල්කිස්ස)
8. හෂාන් රාමනායක (රාජකීය විද්‍යාලය - කොළඹ)
9. බිනුර ප‍්‍රනාන්දු (ඞී. එස්. සේනානායක විදුහල - කොළඹ)
10. අනූක් ප‍්‍රනාන්දු (ශා. සෙබස්තියන් විදුහල - මොරටුව)
11. හෂාන් විමර්ශන (සා. තෝමස් විදුහල - මාතර)
12. ඒ. කේ. ටිරෝන් (රිච්මන්ඞ් විදුහල - ගාල්ල)
13. ලක්ෂාන් ජයසිංහ (ති‍්‍රත්ව විදුහල - මහනුවර)
14. රමේෂ් මෙන්ඩිස් (ධර්මාශෝක විද්‍යාලය - අම්බලන්ගොඩ)
15. හර්ෂ රාජපක්‍ෂ (රාහුල විද්‍යාලය - මාතර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.