බංග්ලාදේශය වයස 19 න් පහළ පිලට එරෙහිව ශ්‍රී ලංකාවේදී මේ මාසයේ පැවැත්වෙන තුන්දින සහ එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම තේරීම සදහා නම් කර ඇති 31 දෙනකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක නම් කර තිබේ.
මෙම සංචිතයට ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ක‍්‍රීඩකයන් තිදෙනකු ඇතුළත්ව සිටිති. මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ ඞී. එස්. සේනානායක, කොළඹ ආනන්ද, කොළඹ ඉසිපතන, කුරුණෑගල මලියදේව, මහනුවර ත‍්‍රිත්ව, කොළඹ රාජකීය සහ යාපනය ශාන්ත ජෝන් යන විදුහල්වලින් ක‍්‍රීඩකයන් දෙදෙනා බැගින් මෙම සංචිතයට ඇතුළත්ව සිටිති.
මෙම තරගාවලියට තුන් දින තරග දෙකක් සහ එක්දින තරග පහක් ඇතුළත් වේ. බංග්ලාදේශ පිල මේ මස 15 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය:
චරිත් අසලංක (නායක - ගාල්ල රිච්මන්ඞ් විදුහල), අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), කවීන් බණ්ඩාර (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), සහන් ආරච්චිගේ (කොළඹ ආනන්ද විදුහල), ලසිත් ලක්‍ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල), චෙනුත වික‍්‍රමසිංහ (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල), අකිල් ඉන්හම් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), කුසල් ලක්තිළිණ (මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල), ශලිදු උෂාන් (කොළඹ ඉසිපතන විදුහල), වනිදු හසරංග (ගාල්ල රිච්මන්ඞ් විදුහල), නුෂාන් වීරසිංහ (මහනුවර ත‍්‍රිත්ව විදුහල), සමූ අෂාන් (කොළඹ ආනන්ද විදුහල), තනුක දාබරේ (කොළඹ ලූම්බිණි විදුහල), රමේෂ් නිමන්ත (මාතර ශාන්ත සර්වේශස් විදුහල), කමිදු මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), විෂාද් රන්දික (කොළඹ ඉසිපතන විදුහල), පසිදු ඉසිර (ගුවන් හමුදාව), අරවින්ද අකුරුගොඩ (මරදාන ශාන්ත ජෝශප් විදුහල), රවිදු තිලකරත්න (එන්.සී.සී.), දමිත් සිල්වා (කුරුණෑගල මලියදේව විදුහල), නිෂාන් පීරිස් (මීගමුව ශාන්ත පීතර විදුහල), දුවිදු තිලකරත්න (මහනුවර ත‍්‍රිත්ව විදුහල), ළහිරු කුමාර (මහනුවර ත‍්‍රිත්ව විදුහල), අසිත ප‍්‍රනාන්දු (කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල), කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව විදුහල), චාමික කරුණාරත්න (කොළඹ රාජකීය විදුහල), මාලිංග අමරසිංහ (කොළඹ නාලන්දා විදුහල), හිමේෂ් රාමනායක (කොළඹ රාජකීය විදුහල), තිලාන් නිමේෂ් (මොරටුව වේල්ස් කුමර විදුහල), ඩවරක සීලන් (යාපනය ශාන්ත ජෝන් විදුහල) සහ එස්. ජේ. ෆ්ලෙමින් (යාපනය ශාන්ත ජෝන් විදුහල)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.