වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අද (2 වැනිදා) ඩුබායිහිදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලකා කණ්ඩායම කඩුලූ 3 කින් පරාජය කළ ඉන්දියාව අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. අවසන් මහ තරගට පිවිසිමේ බලාපොරොත්තු ඇතිව අවසන් ඕවරය දක්වාම සටන් කළ ශී‍්‍ර ලංකා පිලට අන්කුෂ් බේන්ස්ගේ පිතිහරඹය නිසා බලාපොරොත්තු අත්හැරගැනීමට සිදුවිය.
තරගයයේ ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියා කණ්ඩායමට, අන්කුෂ් බේන්ස්ගේ උපක්‍රමශීලී පිතිහරඹය හේතුවෙන් පන්දු 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර යෑමට හැකිවිය.
ඉන්දියා ඉනිමේ පළමු ඕවරය අවසානයේ තුවාල ලබා පිටියෙන් ඉවත්ව ගිය අන්කුෂ් බේන්ස්, ලකුණු 127 කට කඩුලූ 5 ක් දැවී තිබියදී නැවතත් පිටියට පැමිණ සුපරික්ෂාකාරී ලෙස පන්දුවට පහරදෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් විසින් දුවද්දී දැවීයෑමකට හසුකර ගන්නා විට ඔහු පන්දු 53 කින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 54 ක් රැස්කරගෙන සිටියේය.
ඉන්දියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 223 ක් පමණි.
එහිදී ආරම්භක පිතිකරු හෂාන් දමිඳු සහ නායක කුසල් මෙන්ඩිස් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 143 කදී ලකුණු 94 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදුන්හ.
පන්දු 109 කට මුහුණදෙමින් ලකුණු 60 ක් රැස්කළ හෂාන් දමිඳුගේ ඉනිමට හතරේ පහර 5 ක් ඇතුළත්විය. නායකත්වයේ ඉනිමක් දියත්කළ කුසල් මෙන්ඩිස් පන්දු 77 කින් ලකුණු 52 ක් රැස්කළ අතර ඔහු තම ඉනිමට හතරේ පහර 4 ක් අන්තර්ගත කළේය.
කෙසේ වුවත් කී‍්‍රඩකයන් 5 දෙනකුම ලකුණු 10 කට වඩා අඩුවෙන් දැවීයාම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය මඳක් අඩාල විය. තරගාවලිය පුරාම කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවාවූ ප්‍රියමාල් පෙරේරා මෙම තරගයේදී ලකුණු 34 කට දැවීයාමත් ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් විය.
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී අනුක් ප්‍රනාන්දු (24) සහ බිනුර ප්‍රනාන්දු (22) එක්ව වේගවත් ලෙස පන්දුවට පහරදෙමින් තම කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමූහ.
මෙම පරාජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසිවී යන අතර එහි අවසන් මහ තරගය ඉන්දියාව සහ පාකිස්තානය අතර එළබෙන 4 වැනිදා සාජාහිදී පැවැත්වේ.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම
හෂාන් දමිඳු - ප. කුල්දීප් යාදව් 60
සදීර සමරවික්‍රම - ඇ. හර්වැඞ්කාර් ප. අවේෂ් ඛාන් 4
කුසල් මෙන්ඩිස් - ඇ. හූඩා ප. කුල්දීප් යාදව් 52
මිනෝද් භානුක - ඇ. කුල්දීප් යාදව් ප. ඛාන් 1
ප්‍රියමාල් පෙරේරා - ඇ. හර්වැඞ්කාර් ප. ඛාන් 34
ඒ. කේ. ටිරෝන් - ඇ. මොනූ කුමාර් ප. හූඩා 2
අනුක් ප්‍රනාන්දු - නොදැවී 24
තිලක්ෂ සුමණසිරි - ක. මු. කළා ප. හූඩා 5
රොෂාන් අනුරාධ - ඇ. හර්වැඞ්කාර් ප. කුල්දීප් යාදව් 2
බිනුර ප්‍රනාන්දු - නොදැවී 22
අතිරේක 17
එකතුව ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 223
පන්දුවට පහර නොදුන් පිතිකරුවා :
ලක්ෂාන් ජයසිංහ
කඩුලූ වැටීම :
1-9 (සදීර සමරවික්‍රම), 2-103 (කුසල් මෙන්ඩිස්), 3-106 (මිනෝද් භානුක), 4-163 (හෂාන් දමිඳු), 5-164 (ප්‍රියමාල් පෙරේරා), 6-168 (ඒ. කේ. ටිරෝන්), 7-187 (තිලක්ෂ සුමණසිරි), 8-194 (රොෂාන් අනුරාධ)
පන්දු යැවීම :
චාමා මිලින්ද් : 6-1-27-0, අවේෂ් ඛාන් : 9-0-26-1, මොනූ කුමාර් 7-0-39-0, දීපක් හූඩා 10-0-43-2, කුල්දීප් යාදව් 10-1-49-3, සෆ්රාස් ඛාන් 8-0-28-2
ඉන්දියා 19 න් පහළ කණ්ඩායම
අන්කුෂ් බේන්ස් - දුවද්දී දැවී ගියා (මෙන්ඩිස්/භානුක) 54
අඛීල් හර්වැඞ්කාර් - ඇ. භානුක ප. අනුක් ප්‍රනාන්දු 27
විජය සෝල් - ක. මු. කළා ප. අනුක් ප්‍රනාන්දු 22
සංජු සැම්සන් - ඇ. භානුක ප. ටිරෝන් 14
රිකී භුයි - දුවද්දී දැවී ගියා (අනුක් ප්‍රනාන්දු/භානුක) 37
සෆ්රාස් ඛාන් - ඇ. සමරවික්‍රම ප. ලක්ෂාන් 20
දීපක් හූඩා - ප. බිනුර ප්‍රනාන්දු 17
කුල්දීප් යාදව් - නොදැවී 22
මොනූ කුමාර් - නොදැවී 5
අතිරේක 6
එකතුව ඕවර 49.1 කදී කඩුලූ 7 ක් දැවී 224
පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
අවේෂ් ඛාන්, චාමා මිලින්ද්
කඩුලූ වැටීම :
1-51 (අඛීල් හර්වැඞ්කාර්), 2-59 (විජය සෝල්), 3-88 (සංජු සැම්සන්), 4-115 (රිකී භුයි), 5-127 (සෆ්රාස් ඛාන්), 6-159 (දීපක් හූඩා), 7-217 (අන්කුෂ් බේන්ස්)
පන්දු යැවීම :
බිනුර ප්‍රනාන්දු : 10-1-34-1, රොශාන් අනුරාධ 10-2-45-0, ඒ. කේ. ටිරෝන් 10-0-42-1, අනුක් ප්‍රනාන්දු 9.1-0-57-2, ලක්ෂාන් ජයසිංහ 10-1-45-1
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.