Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 17 න් පහළ II වටයේ තරග 30 ට පෙර

17 න් පහළ II වටයේ තරග 30 ට පෙර

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට කණ්ඩායම් 16 ක් සමත්වී තිබේ. ඒ අනුව එම කණ්ඩායම් 16, එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වූ කාණ්ඩ 4 ක් යටතේ ලීග් ක‍්‍රමයට තරග වැදීමට නියමිතය.

එම කාණ්ඩ 4 හි ශූරයන් සහ අනු ශූරයන් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගන්නා අතර එතැන් සිට තරගාවලිය පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට පැවැත්වේ. දෙවැනි වටයේ තරග මේ මස 30 වැනිදාට පෙර අවසන් කළ යුතුය.

තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වට ආරම්භ කිරීම සඳහා අගෝස්තු මාසය දක්වා කල්දමාා තිබේ. මෙම තරගාවලියට සහභාගි වන කී‍්‍රඩකයන් වැඩිදෙනකු අධ්‍යාපන පොදු සහතිකපත් (සා/පෙ) විභාගයට පෙනී සිටින අතර එම සිසු දරුවන්ගේ දෙවැනි වාර අවසාන විභාග සඳහා සූදානම් වීමට ඉඩකඩ දීම සඳහා පිළිමළුන් පිටුදැකීමේ තරග පැවැත්වීම කල්දමා තිබේ.


දෙවැනි වටයේ කණ්ඩායම්


‘ජේ’ කාණ්ඩය -:
කොළඹ තර්ස්ටන් විදුහල (බී කණ්ඩායම), යාපනය හින්දු විදුහල, මතුගම සී. ඩබ්. ඩබ්. කන්නංගර මැදි විදුහල, බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල

‘කේ’ කාණ්ඩය :
කොළඹ ආනන්ද විදුහල (බී කණ්ඩායම), අකුරණ අසාර් මැදි විදුහල, කොළඹ රාජකීය විදුහල (බී කණ්ඩායම), කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල

‘එල්’ කාණ්ඩය :-
කොළඹ ශාන්ත පීතර විදුහල (බී කණ්ඩායම), හේනෙගම මැදි විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල (බී කණ්ඩායම), වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල

‘එම්’ කාණ්ඩය :-
හොරණ තක්ෂිලා විදුහල, කරන්දෙණිය මැදි විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල (බී කණ්ඩායම), යාපනය ශාන්ත ජෝන් විදුහල

 


අදහස් (0)

17 න් පහළ II වටයේ තරග 30 ට පෙර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.