Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව නාලන්දයට

15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව නාලන්දයට

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ අවසන් මහා තරගයේදී මොරටුව ශා. සෙබස්තියන් විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළ කොළඹ නාලන්ද විදුහල අන්තර් පාසල් වයස 15 න් පහළ I වැනි කොටසේ ශූරතාවය දිනාගැනීමට සමත්විය. මෙම තරගය කොළඹ තර්ස්ටන් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අද (15 වැනිදා) අවසන්විය.


1990 න් පසුව අවසන් තරගයකට සුදුසුකම් ලබාගත් කොළඹ නාලන්ද විදුහල් වයස 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම වසර 26 කට පසුව තමන්ට ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය.


තරගයේ පළමු දිනයේදී ශාන්ත සෙබස්තියන් විදුහල ලකුණු 172 කට සීමා කළ නාලන්දා ක්‍රීඩකයෝ දිනය නිමාවන විට ඕවර තුනකට පමණක් ක්‍රීඩා කරමින්  කිසිවකු නොදැවී ලකුණු 4 ක් රැස්කර ගැනීමට සමත්වූහ.


නාලන්ද විදුහල පළමු ඉනිම සදහා ඕවර 66 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179 ක් රැස්කර ගනිමින් පළමු ඉනිමේ ජය වාර්තාකළ පසු දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සදහා කාළය නොමැතිවීම හේතුවෙන් ඉනිම අත්හිටුවමින් තරගය නවතා ඇත.


ලක්ෂාන් කාශ්‍යප (72) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූයේය.


මුල්පෙළ පිතිකරුවන් ඉක්මනින් දැවීයාම හේතුවෙන් මැදපෙළ සහ අවසන් පිතිකරුවන්හට ඉනිම ගොඩනැගීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවු අතර ලකුණු ලබාගැනීමේ වේගය ඉතාපහළ මට්ටමක පැවැතිනි.


ශා. සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 87.5 කදී සියලුදෙනා දැවී ලකුණු 172
(දුනිත් වෙල්ලාලගේ 31, ජනිෂ්ක පෙරේරා 21, ජයෝද් කල්දේරා 25/3, තමිඳු කමලසූරිය 30/2, රවීන් ද සිල්වා 17/2)


නාලන්ද විද්‍යාල ‘ඒ’ - පළමු ඉනිම - ඕවර 66 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 179
(ලක්ෂාන් කාශ්‍යප 72, රවීන් ද සිල්වා 27, ජයෝද් කල්දේරා නොදැවී 21, දුනිත් වෙල්ලාලගේ 45/2)

 


අදහස් (0)

15 න් පහළ පළමු කොටසේ ක්‍රිකට් ශූරතාව නාලන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.