Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 15 න් පහළ I කොටසේ කි‍්‍රකට් තරග මැයි 13 දා සිට

15 න් පහළ I කොටසේ කි‍්‍රකට් තරග මැයි 13 දා සිට

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කණ්ඩායම් 81 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ I කොටසේ තරග මැයි මස 13 වැනිදා ආරම්භ වේ.

ඉකුත් වසරේ (2014) පැවැති තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත් වූ අතර අනුශූරතාව හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය. එම වසරේදී වයස 15 න් පහළ II කාණ්ඩයේ අවසන් පූර්ව වටය දක්වා පැමිණි හලාවත ශාන්ත මරියා විදුහල මෙවර I කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතය.

පළමු වටයේදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 81, කාණ්ඩ 11 ක් යටතේ තරග වදින අතර ඉන් කණ්ඩායම් 40 ක් දෙවැනි වටයට තෝරාගනු ලැබේ. දෙවැනි වටයේදී කාණ්ඩ 8 ක් යටතේ එම කණ්ඩායම් 40 තරග වදින අතර ඉන් සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.

පළමු වටයට සහභාගී වන කණ්ඩායම්

‘ඒ’ කාණ්ඩය -
කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් (ඒ) කණ්ඩායම, මාරවිල ෂේවියර් විදුහල, හලාවත ශාන්ත මරියා විදුහල, කොළඹ ඉසිපතන (ඒ) කණ්ඩායම, වෙන්නප්පුව ශාන්ත ජොෂප් වාස් විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, ගම්පහ බණ්ඩාරනායක විදුහල, රාගම බැසිලිකා විදුහල

‘බී’ කාණ්ඩය -
කොළඹ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල, කොළඹ වෙස්ලි විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ මහානාම විදුහල් (ඒ) කණ්ඩායම, පාදුක්ක සිරි පියරත්න මහ විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ ශාන්ත ජොෂප් විදුහල් (ඒ) කණ්ඩායම, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල, කොළඹ සුසමයවර්ධන මහ විදුහල, කොළඹ වේළුවන විද්‍යාලය  

‘සී’ කාණ්ඩය -
කොළඹ සහිරා විදුහල (ඒ) කණ්ඩායම, කොළඹ ආනන්දු විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ රාජකීය විදුහල් (ඒ) කණ්ඩායම, පන්නිපිටිය ධර්මපාල විදුහල් (ඒ) කණ්ඩායම, කෝට්ටේ ආනන්ද ශ‍්‍රස්ත‍්‍රාලය, මහරගම ජනාධිපති විදුහල් (ඒ) කණ්ඩායම, දෙහිවල එස්. ද එස්. ජයසිංහ මහ විදුහල, මොරටුව වේල්ස් කුමර විදුහල් (ඒ) කණ්ඩායම, පිළියන්දල මැදි විදුහල

‘ඞී’ කාණ්ඩය -
කෝට්ටෙ ජනාධිපති විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ නාලන්දා විදුහල් (ඒ) කන්ඩායම, කළුතර සිරිකුරුස විදුහල, පානදුර ශාන්ත ජෝන් විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල් (ඒ) කන්ඩායම, වාද්දුව මැදි විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල, කොළඹ ලූම්බිණි විදුහල් (ඒ) කන්ඩායම

‘ඊ’ කාණ්ඩය -
වත්තල ශාන්ත අන්තෝනි විදුහල, කොට්ටාව ධර්මපාල විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල් (ඒ) කණ්ඩායම, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල, කොළඹ කේරි විදුහල් (ඒ)  කණ්ඩායම, යක්කල චන්ද්‍රජෝති මහ විදුහල, පානදුර රාජකීය විදුහල, කළුතර තිස්ස මැදි විදුහල

‘එෆ්’ කාණ්ඩය -
කොළඹ අශෝක විදුහල (ඒ) කණ්ඩායම, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් (ඒ) කණ්ඩායම, කැලණිය ගුරුකුළ විදුහල, කඳාන ද මැසිනොද් විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් (ඒ) කණ්ඩායම, කොළඹ ශාන්ත පීතර විදුහල් (ඒ) කණ්ඩායම, මොරටු විද්‍යාලය, කළුතර විද්‍යාලය

‘ජී’ කාණ්ඩය -
කුරුණෑගල මලියදේව විදුහල් (ඒ) කණ්ඩායම, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, මහනුවර ධර්මරාජ විදුහල් (ඒ) කණ්ඩායම, මාතලේ ශාන්ත තෝමස් විදුහල් (ඒ) කණ්ඩායම, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් (ඒ) කණ්ඩායම, කෑගල්ල ශාන්ත මරියා විදුහල, මහනුවර විද්‍යාර්ථ විදුහල

‘එච්’ කාණ්ඩය -
ඉබ්බාගමුව මැදි විදුහල, මහනුවර ති‍්‍රත්ව විදුහල් (ඒ) කණ්ඩායම, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කුරුණෑගල මලියදේව ආදර්ෂ විදුහල, පොලොන්නරුව රාජකීය විදුහල, කෑගලූ විද්‍යාලය, මහනුවර ශ්‍රී සුමංගල විදුහල, සඳලංකා මැදි විදුහල

‘ජේ’ කාණ්ඩය -
අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, මාතර රාහුල විදුහල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල, ගාල්ල රිච්මන්ඞ් විදුහල, මීපාවල අමරසූරිය විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, දෙබරවැව ජාතික පාසල

‘කේ’ කාණ්ඩය -
කරන්දෙණිය මැදි විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල, ගාල්ල මහින්ද විදුහල, ගාල්ල ශාන්ත ඇල්වීෂියස් විදුහල, බලපිටිය රේවත විදුහල

-036

 


අදහස් (0)

15 න් පහළ I කොටසේ කි‍්‍රකට් තරග මැයි 13 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.