Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket 136 වැනි නිල් මහ සටන 12 දා සිට

136 වැනි නිල් මහ සටන 12 දා සිට

ශනුක අරවින්ද - 2015 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ පැරණිතම පාසල් ක‍්‍රිකට් තරගයක් වන කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 136 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය මේ මස 12 වැනිදා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තෙදින තරගයක් වන තරගය 14 වැනිදා අවසන් වීමට නියමිතය.

1879 වසරේ ආරම්භ වූ මෙම මහ ක‍්‍රිකට් තරගයේ මෙතෙක් පැවැති තරගවලදී විදුහල් දෙක තරග 34 බැගින් ජය ලබා ඇති අතර ඉතිරි තරග විසඳුමකින් තොරව අවසන් වී තිබේ. ශාන්ත තෝමස් විදුහල අවසන් වරට 2007 වසරේ අෂාන් පීරිස්ගේ නායකත්වයෙන් ද, රාජකීය විදුහල 2013 වසරේ දේවින් පද්මනාදන්ගේ නායකත්වයෙන් ද ජය ලැබීය.

මෙවර රාජකීය විදුහල් පිලේ නායකයා ලෙස හරිත් සමරසිංහ ද, සාන්ත තෝමස් විදුහලේ නායකයා ලෙස හෙලකමල් නානායක්කාර ද, කටයුතු කරති.

කොළඹ රාජකීය විදුහල මෙම තරග වරයේ තරග 17 කට ක‍්‍රීඩා කර කුරුණෑගල ශාන්ත ආනා, කටුගස්තොට ශාන්ත අන්තෝනි, යාපනය ශාන්ත ජෝන්, ගාල්ල මහින්ද, වෙස්ලි, වේල්ස් කුමර සහ මහනුවර ත‍්‍රිත්ව යන කණ්ඩායම්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණ ලැබීමට සමත්ව සිටින අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල හමුවේ පමණක් පරාජය විය.

මෙවර රාජකීය විදුහලේ ප‍්‍රබලතම පිතිකරු වන නවීන් විදානපතිරණ ලකුණු 940 ක් රැුස්කිරීමට සමත්ව සිටියි. හසිත සමරසිංහ (743), ගීෂාත් පණ්ඩිතරත්න (671), රන්දේව් පතිරණ (675) සහ චාමික කරුණාරත්න මෙවර රාජකීය පිතිකරු ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

මලිත් කාරියවසම් මෙම තරග වාරයේදී කඩුලූ 44 ක් දවා ගනිමින් වැඩිම කඩුලූ ලාභියා බවට පත්ව සිටියි. ඊට අමතරව ශාන් තෙන්නකෝන් (29), චන්දුල වැලිවිට (18) සහ දුවිදු හෙට්ටිආරච්චි (18) පන්දු යවන්නන් ලෙස රාජකීය විදුහල් පිල ශක්තිමත් කරති.  

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල මෙම තරග වාරයේ තරග 17 කට සහභාගි වී කටුගස්තොට ශාන්ත අනිතෝනි, යාපනය ශාන්ත ජෝන්, අම්බලන්ගොඩ ධර්මාශෝක, රාජගිරිය ජනාධිපති, වෙස්ලි සහ ගාල්ල මහින්ද යන විදුහල්වලට එරෙහිව පූර්ණ ජයග‍්‍රහණය ලැබූ අතර ඉතිරි තරග විසදුමකින් තොරව අවසන් විය.
 
මෙම තරග වාරයේ සාන්ත තෝමස් විදුහලේ ප‍්‍රබලතම පිතිකරු වන චේනුත වික‍්‍රමසිංහ තරග 14 කදී ලකුණු 803 ක් රැුස්කර සිටියි. නායක හෙලකමල් නානායක්කාර (613), රවිදු සසංක (608), නිපුන ගමගේ (540), රෂ්මික  ඕපාත (443), යොහාන් මෙන්ඩිස් (436) සහ සචිත ජයතිලක (405) මෙවර සාන්ත තෝමස් පිතිකරු ලැයිස්තුවේ සෙසු ප‍්‍රබල පිතිකරුවෝ වෙති.

පිට දඟ පන්දු යවන තරිදු රත්නායක කඩුලූ 82 ක් දවා ගනිමින් රාජකීය විදුහල් පිතිකරුවන් පාලනය කිරීමට පෙරමුණ ගැනීමට සූදානමින් සිටියි. සෙනාල් ද සිල්වා (29), සචිත ජයතිලක (28), හෙලකමල් නානායක්කාර (25) සහ සජාන සිල්වා (21) මෙම තරග වාරයේ කඩුලූ අතර සිටින සෙසු සාන්ත තෝමස් පන්දු යවන්නෝ වෙති.

කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: රිචඞ් පෙරේරා මහතා (ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩා භාර ආචාර්ය), හසිත සමරසිංහ, රන්දීව් පතිරණ, චාමික කරුණාරත්න, හරිත් සමරසිංහ (නායක), උපාලි ගුණසේකර මහතා (විදුහල්පති), සරත් කීර්තිසේන මහතා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති), ගීෂාත් පණ්ඩිතරත්න (උප නායක), තිරාන් ධනපාල, උමේෂ් සූරියබණ්ඩාර, උපුල් නිශාන්ත මහතා (කණ්ඩායම් භාර ආචාර්ය) සහ අවිෂ්ක ගුණවර්ධන මහතා (පුහුණුකරු)

පසු පෙළ වමේ සිට: රොනුක ජයවර්ධන, දුවිදු හෙට්ටිආරච්චි, බුද්ධික අර්සකුලරත්න, චන්දුල වැලිවිට, දිනිදු රත්නායක, හිලිත විතානගේ, හිමේෂ් රාමනායක, මලිත් කාරියවසම්, ලසිත් ඇඹුල්දෙණිය, ශාන් තෙන්නකෝන් සහ නවීන් විදානපතිර

සාන්ත තෝමස් විදුහල් කණ්ඩායම:
ඉදිරි පෙළ වමේ සිට: නවෝද් ප‍්‍රනාන්දු, රොමේෂ් නල්ලපෙරුම, ආර්. කොඩිතුවක්කු, එස්. ද සිල්වා, කේ. පෙරේරා, හංසක ලියනාරච්චි, දුලංජ සිල්වා, එස්. එස්. ද සිල්වා, ඞී. බී. පීරිස් සහ ඉෂේන් පෙරේරා

පසු පෙළ වමේ සිට: යොහාන් මෙන්ඩිස්, චේනුත වික‍්‍රමසිංහ, ඞී. පෙරේරා, හෙලකමල් නානායක්කාර (නායක), නිපුන ගමගේ, සචිත ජයතිලක සහ තරිදු රත්නායක

 


අදහස් (0)

136 වැනි නිල් මහ සටන 12 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.