සිංගර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන 13 න් පහළ I වැනි ශ්‍රේණියේ අන්තර් පාසල් තරගාවලිය සඳුදා (18 වැනිදා) ආරම්භ වෙයි. මෙවර තරගාවලියේදී I වැනි ශ්‍රේණියේ තරගාවලියට ඉදිරිපත්ව ඇති කණ්ඩායම් සංඛ්‍යාව 77 ක් වන අතර මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලය සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල පළමු ශ්‍රේණියට උසස් කර තිබේ.
පසුගිය වසරේ I වැනි ශ්‍රේණියේ ශූරතාව දිනාගත් කළුතර තිස්ස මැදි විදුහල ‘එෆ්’ කාණ්ඩයෙන්ද අනුශූරතාව හිමිකරගත් මොරටුව වේල්ස් කුමර විදුහල ‘ඒ’ කාණ්ඩයෙන්ද මෙවර මූලික වටයේදී තරග වදී. මිනුවන්ගොඩ නාලන්දා විදුහල සහ වත්තල ශාන්ත ජෝෂප් විදුහල මෙවර තරගාවලියේදී I වැනි ශ්‍රේණියට සුදුසුකම් ලබා ඇත්තේ පසුගිය වසරේදී II වැනි ශ්‍රේණියේ තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් හෙයිනි.
පළමු වටයේදී කණ්ඩායම් 77 කාණ්ඩ 11 කට බෙදා ලීග් ක්‍රමයට තරග පැවැත්වේ. අනතුරුව දෙවැනි වටයේ තරගාවලිය සඳහා කණ්ඩායම් 32 ක් තෝරාගනු ලබනු ඇත. දෙවැනි වටයේදීත් කාණ්ඩ 8 ක් යටතේ ලීග් පදනම මත තරග පැවැත්වීමෙන් අනතුරුව ඒ ඒ කාණ්ඩයන්හි ශූරයන් සහ අනුශූරයන් පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට තෝරා ගැනේ.
තරගාවලියට සහභාගි වන පාසල්
‘ඒ’ කාණ්ඩය
මොරටුව වේල්ස් කුමර විදුහල, කොළඹ මහානාම විදුහල, ක`එතර සිරි කුරුස විදුහල, පාානදුර ශාන්ත ජෝන් විදුහල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල
‘බී’ කාණ්ඩය
කොළඹ රාජකීය විදුහල, කොළඹ ඉසිපතන විදුහල, ගම්පහ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය, ජාඇල ක්‍රිස්තුරාජ විදුහල, කොළඹ කේරි විදුහල, කොළඹ ඩී. එස්. සේනානායක විදුහල, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල, රාගම බැසිලිකා විදුහල
‘සී’ කාණ්ඩය
කඳාන ද මැසිනොද් විදුහල, කොළඹ නාලන්දා විදුහල, කොළඹ වෙස්ලි විදුහල, කෝට්ටේ ජනාධිපති විද්‍යාලය, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, මීගමුව හරිස්චන්ද්‍ර විදුහල, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල, කොළඹ වේ`එවන විද්‍යාලය
‘ඩී’ කාණ්ඩය
පානදුර රාජකීය විද්‍යාලය, ක`එතර විද්‍යාලය, මොරටු විද්‍යාලය, පානදුර මහානාම විදුහල, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, අවිස්සාවෙල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලය, මහරගම ජනාධිපති විද්‍යාලය, වත්තල ශාන්ත ජෝෂප් විදුහල
‘ඊ’ කාණ්ඩය
කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොළඹ සහිරා විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විදුහල, ගම්පහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලය, කැලණිය ගුරුකුල විදුහල, කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලය, මිනුවන්ගොඩ නාලන්දා බාලක ජාතික පාසල
‘එෆ්’ කාණ්ඩය
ක`එතර තිස්ස මැදි විදුහල, කොළඹ ආනන්ද විදුහල, කොට්ටාව ධර්මපාල විද්‍යාලය, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ අසෝක විදුහල
‘ජී’ කාණ්ඩය
මහනුවර ත්‍රිත්ව විදුහල, කෑගලු විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කුරුණෑගල ශාන්ත ආනා විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විදුහල, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල, මීගමුව මාරිස්ටෙලා විදුහල
‘එච්’ කාණ්ඩය
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය, මහනුවර විද්‍යාර්ථ විදුහල, මහනුවර ශ්‍රි සුමංගල විදුහල, මහනුවර කිංග්ස්වුඞ් විදුහල, පොලොන්නරුව රාජකීය විද්‍යාලය
‘ජේ’ කාණ්ඩය
රත්ගම දේවපතිරාජ විදුහල, මාතර රාහුල විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, දෙබරවැව ජාතික පාසල, මාතර ශාන්ත තෝමස් විදුහල, කරන්දෙණිය මැදි විදුහල
‘කේ’ කාණ්ඩය
ගාල්ල මහින්ද විද්‍යාලය, ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය, බෙන්තොට ගාමිණී මධ්‍ය විද්‍යාලය, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය, බලපිටිය රේවත විදුහල, මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.