Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ප්‍රීමා ආයතනය එක්ව සංවිධානය කළ වයස 15 න් පහළ 'ප්‍රිමා' කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත්විය. බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිගරගනිමින් ශූරතාවයට හිමිකම් කීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට හැකිවිය.
පෙරේදා (27 වැනිදා) තරගය නතර කරනවිට පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් රැස්කර සිටි අතර ඊයේ උදය වරුවේදී කණ්ඩායමට තවත් ලකුණු 9 ක් එක්වන විටදී අවසන් කඩුල්ල දවාගැනීමට බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමේ පන්දු යවන්නෝ සමත්වූහ.
බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට වඩා ලකුණු 74 ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරඹූ බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම කඩුලු 9 කට ලකුණු 187 ක් රැස්කර සිටියදී ඉනිම අත්හිටුවීය.
සුකිත මනෝජ් (නොදැවී 74) අර්ධ ශතකයක් රැස්කරමින් බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ අතර තතික නර්මාල් ලකුණු 59 කට කඩුලු 4 ක් දවාගනිමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායමට ඕවර 28 කදී ලකුණු 114 ක ඉලක්කයක් ලබාදෙමින් පන්දුවට පහරදිම සදහා බස්නාහිර පළාත් දකුණ කණ්ඩායම ආරාධනා කළ අතර දිනය නිමාවන විට කඩුලු 6 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 75 ක් පමණි.
බස්නාහිර පළාත් දකුණ කණ්ඩායමේ අශාන් ප්‍රනාන්දු ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය
බස්නාහිර දකුණ - පළමු ඉනිම - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී ලකුණු 96
(පසිදු පැතුම් 28, චමෝද් ගිහාන් 23, සම්පත් නිස්සංක 26/5, ටාශීක් නිර්මාල් 23/4)
බස්නාහිර මධ්‍යම - පළමු ඉනිම - ඕවර 62.5 කදී සියලු දෙනා දැවී ලකුණු 170
(බවන්ත හරිත් නොදැවී 49, ටාශීක් නිර්මාල් 37, චමෝද් ගිහාන් 15/2, විනුජ රනපුල් 30/2, බී. මෙන්ඩිස් 35/2, බෙගන් මිනුක 47/2)
බස්නාහිර දකුණ - දෙවන ඉනිම - ඕවර 64.4 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 187
(සුකිත මනෝජ් නොදැවී 74, විනුජ රනපුල් 30, ප්‍රභාෂ්වර හේරත් 27, තතික නර්මාල් 59/4, කවිඳු පතිරත්න 31/2
බස්නාහිර මධ්‍යම - දෙවන ඉනිම - ඕවර 28 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 75
(විනුක රූබසිංහ 24, අශාන් ප්‍රනාන්දු 16/3, පියංග මෙන්ඩිස් 11/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.