ආසියානු ක්‍රිකට් සමුළුව මෙහෙයවන 14 වැනි ‘යුනිමොනි’ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි’ සිවුදෙනාගේ වටය ආරම්භ කරමින් ඩුබායි සහ අබුඩාබි ක්‍රීඩාංගණවලදී තරග දෙකක් හෙට (21) පැවැත්වේ.
ඉන්දියාව සහ බංග්ලාදේශ අතර තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ද, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අබුඩාබිහි ශීක් ශයිඞ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (21) දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ.
පළමු වටයේ අවසන් තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්තානය අද (20) අබුඩාබිහිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතව තිබුණ ද ‘සුපිරි’ වටයේ තරග කාලසටහන සකස් කර අවසන්ව තිබුණි. ඉන්දීය පිල අබුඩාබි තරගවලට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමෙන් තරග කාලසටහන වෙනස් කිරීමට ආසියානු ක්‍රිකට් බලධාරීහූ පියවර ගත්හ. ඒ අනුව ඊයේ තරගයට පෙරම ඇෆ්ගනිස්තානය ‘බී’ කාණ්ඩයේ පළමු ස්ථානයටත්, බංග්ලාදේශය එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයටත් පත්කර තිබුණි.
ඉන්දියාව පළමු වටයේ තරග දෙකම ජය ලබා ‘ඒ’ කාණ්ඩයේ පළමු ස්ථානයට පත්වූ අතර පාකිස්තානය තරගයක් පමණක් ජය ලබා දෙවැනි ස්ථානයට පත්විය.
මෙම වටයේදී වැඩිම ප්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක ඩුබායිහිදී මේ මස 28 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව සහ හොං කොං පළමු වටයෙන් තරගාවලියෙන් ඉවතට විසිවිය.
සුපිරි සිවුදෙනාගේ වටයේ තරග කාලසටහන
● සැප් 21 - ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඩුබායිහිදී
● සැප් 21 - පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබියිහිදී
● සැප් 23 - ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායිහිදී
● සැප් 23 - බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර අබුඩාබියිහිදී
● සැප් 25 - ඉන්දියාව සහ ඇෆ්ගනිස්තානය අතර ඩුබායිහිදී
● සැප් 25 - පාකිස්තානය සහ බංග්ලාදේශය අතර අබුඩාබියිහිදී
● සැප් 28 - අවසන් මහ තරගය ඩුබායිහිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.