පනාගොඩ ‘ප්‍රභාස්වර’ තරුණ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘රිච් ස්ටයිල්’ අභියෝග කුසලාන දීප ව්‍යාප්ත සය සාමාජික සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය ජූලි මස 6 වැනිදා පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහ විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.
තරගාවලියේ ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ශූරතා කුසලාන සමගින් මුදලින් රුපියල් 30,000 ක්ද පිරිනැමේ. අනුශූරතාව හිමකරගන්නා පිලට කුසලානයක් සමගින් මුදලින් රුපියල් 20,000 ක් පිරිනැමෙන අතර තරගාවලියේ දක්ෂතම පිතිකරු, දක්ෂතම පන්දුයවන්නා සහ අවසන් තරගයේ වීරයාටද පදක්කම් සමග මුදල් ත්‍යාග පිරිනැමීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
කණ්ඩායම් 20 ක් සහභාගී වන මෙම තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග්රාහකයන් වශයෙන් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද සහ තරුණයා යන පුවත්පත් කටයුතු කරයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.