‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කොළඹ වේළුවන විද්‍යාලයට එරෙහිව ලකුණු 365 ක ජයක් හිමිකර ගැනීමට හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ඊයේ (13 වැනිදා) සමත්විය. මෙම තරගය හේනේගම මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පන්දුවෙන් දස්කම් දැක්වූ ළහිරු පෙරේරා ලකුණු 70 කට කඩුලු 11 ක් සහ සමත් හර්ෂිත ලකුණු 41 කට කඩුලු 7 ක් දවාගනිමින් හේනේගම මධ්‍ය මහා විද්‍යාලයට ජය හිමිකර දිමට සමත්වූහ.
හේනේගම ම.ම.විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 34.2 කදී සියලුදෙනා දැවී ලකුණු 174
(ඉශාන් හර්ෂණ 44, රවිඳු රසංක 29/2, දමිත් චතුරංග 30/2, ධනංජය බණ්ඩාර 21/2, රිසිත සංකල්ප 58/3)
වේළුවන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31 කදී සියලුදෙනා දැවී ලකුණු 68
(ළහිරු පෙරේරා 11/6, සමිත් හර්ෂිත 06/2)
හේනේගම ම.ම.විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 75 කදී 9 ක් දැවී ලකුණු 377
(සමිත් හර්ෂිත 116, ප්‍රමිත් දර්ශණ 53, සසංක දුලාජ් 52, දමිත් චමල් 50, විමුක්ති ලක්ෂාන් 29, සිසිකැළුම් ලෝචන 24, රවිඳු රසංක 68/3, ධනංජය බණ්ඩාර 78/2, රිෂිත සංකල්ප 90/2)
වේළුවන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 36.3 කදී සියලුදෙනා දැවී ලකුණු 118
(රවිඳු රසංක 24, රිසිත සංකල්ප 22, නිලුපුල් නිරාශිත 20, ළහිරු පෙරේරා 59/5, සමිත් හර්ෂිත 35/5)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.