‘බාටා - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනපි‍්‍රයම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2016) හත්වැනි සතිය නිමාවන විට ඡන්ද 1855 ක් ලබාගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ සිටින පානදුර රාජකීය විද්‍යාලයේ පවන් ඩයස් අතර ඇති පරතරය අඩුකරගැනීමට කළුතර සිරිකුරුස විදුහලේ ළහිරු තඹවිට සමත් වී ඇත.
පවන් ඩයස් මේ වන විට ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 2303 ක් වන අතර ඔහු ළහිරු තඹවිටට වඩා ඡන්ද 448 ක් ඉදිරියෙන් සිටියි. ඉකුත් සතියේ ඡන්ද 384 ක් ලබා ගැනීමට ළහිරු තඹවිට සමත් වී ඇති අතර පවන් ඩයස්ට එම සතියේෙ හැකිවී ඇත්තේ ඡන්ද 110 ක් පමණි.
තෙවැනි ස්ථානයේ පසුවන බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ ලක්ෂිණ රොද්‍රිගූ ඉකුත් සතියේ ලබාගත් ඡන්ද 152 ත් සමග මේ වන විට ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 1127 කි.
මහනුවර ති‍්‍රත්ව විදුහල් කණ්ඩායමේ නායක රවීන් සේයර් සහ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ මල්ෂාන් රොද්‍රිගූ පිළිවෙලින් ඡන්ද 445 ක් සහ 303 ක් බැගින් ලබාගෙන සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ සිව්වැනි සහ පස්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
ඉකුත් සතියේ ලබාගත් ඡන්ද 247 ත් සමග මුළු ඡන්ද 1079 ක් ලබාගනිමින් මෝදර ද ලාසාල් විදුහලේ මාධව ප්‍රනාන්දු, නැගී එන කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත. එහි දෙවැනි ස්ථානය ඡන්ද 94 ක් ලබා සිටින පාදුක්ක සිරි පියරතන විදුහලේ දිල්ෂාන් මධුෂංකට හිමි වී තිබේ. අන්තර් ජාතික පාසල් කාණ්ඩයේ කිසිඳු කී‍්‍රඩකයකු මෙතෙක් ඡුන්ද ලබාගැනීමට සමත්ව නැත.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ, දිනපතා ‘ලංකාදීප’ සහ‘ඬේලි මිරර්’ පුවත්පත් වලද, සති අන්ත ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ පුවත්පත්වලද පලවේ. තමන් කැමතිම පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා වෙනුවෙන් මනාපය පළ කිරීමට ලබන මැයි මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
| සමස්ථ ලංකා පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| පවන් ඩයස් | පානදුර රාජකීය විදුහල | 2303 |
| ළහිරු තඹවිට | කළුතර සිරිකුරුස විදුහල | 1855 |
| ලක්ෂිණ රොද්‍රිගූ | බම්බලපිටිය ශාන්ත පීතර විදුහල | 1127 |
| රවින් සේයර් | මහනුවර ති‍්‍රත්ව විදුහල | 445 |
| මල්ෂාන් රොද්‍රිගූ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 303 |
| පසිඳු සූරියබණ්ඩාර | කොළඹ රාජකීය විදුහල | 168 |
| රවිඳු කොඩිතුවක්කු | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 87 |
| ගිෂාත් පණ්ඩිතරත්න | කොළඹ රාජකීය විදුහල | 77 |
| කෙවින් පෙරේරා | මීගමුව මාරිස්ටෙලා විදුහල | 77 |
| හිමාෂ හෂේන් | පන්නිපිටිය ධර්මපාල විදුහල | 75 |
| ගීතාල් ප්‍රනාන්දු | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 74 |
| චරණ නානායක්කාර | කොළඹ තර්ස්ටන් විදුහල | 59 |
| යොහාන් මෙන්ඩිස් | ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල | 59 |
| සම්මු අශාන් | කොළඹ ආනන්ද විදුහල | 59 |
| සචින්ද ගමාධිකාරි | මීගමුව මාරිස්ටෙලා විදුහල | 58 |
| කමිඳු මෙන්ඩිස් | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 48 |
| කවිඳු බණ්ඩාර | කොළඹ නාලන්දා විදුහල | 47 |
| චරිත් අසලංක | ගාල්ල රිච්මන්ඞ් විදුහල | 39 |
| නිපුන් සමරසිංහ | කොළඹ ශාන්ත ජෝෂප් විදුහල | 35 |
| තුලින දිල්ෂාන් | කොටහේන ශාන්ත බෙනඩික් විදුහල | 28 |
| ලසිත් ඇඹුල්දෙණිය | කොළඹ රාජකීය විදුහල | 22 |
| නැගී එන පාසල් කාණ්ඩය | ||
| කී‍්‍රඩකයා | පාසල | ඡන්ද |
| මාධව ප්‍රනාන්දු | මෝදර ද ලාසාල් විදුහල | 1079 |
| දිල්ෂාන් මධුෂංක | පාදුක්ක සිරි පියරතන විදුහල | 94 |
| රියාස් රිස්වි | අකුරණ අසාර් විදුහල | 2 |
ඡන්ද ලබාදෙන පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසු ගිය සතියේ ජයග්‍රාහකයෝ
1 හංසනී ප්‍රනාන්දු, 242/4, පී්රතිපුර පාර, පල්ලියවත්ත, හැඳල
2 එස්. තංගරානි, 254, අලූත්වත්ත, දිගන, රජවැල්ල
3 කරුණා කීර්ති, 61/ඞී1, ධම්මානන්ද පෙදෙස, මිල්ලෑව
4 රොහාන් ඇලෝසියස්, 32/3, ටෙරන්ස් මාවත, ගල්කිස්ස
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.