කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත් ඕස්ටේ‍්‍රලියානු පිතිකරු පිල් හියුස්ගේ අවමංගල්‍ය උත්සවය හෙට (3 වැනිදා) සිඞ්නි නුවරට උතුරින් පිහිටි මැක්ස්විල්හි උසස් පාසලේදී පැවැත්වීමට නියමිතය.
එහිදී හියුස්ගේ දෙණ ඔසවාගෙන යාමට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමෙ නායක මයිකල් ක්ලාක් ඉදිරිපත් වන බව ඕස්ටේ‍්‍රලියාන කි‍්‍රකට් ආයතනයේ සභාපති ජේම්ස් සදර්ලන්ඞ් මහතා පවසයි. එහිදී ටොම් කූපර් සහ ඒරන් ෆින්ච්ද හියුස්ගේ දෙණ ඔසවාගෙන යන්නන් ලෙස කටයුතු කරනු ඇති බවද වාර්තාවේ.
හියුස්ගේ අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව එළඹෙන ඉන්දීය තරගාවලිය සඳහා ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන් කවුරුන් මානසිකව සූදානම්ද යන්න පැවසීමට තවමත් කල්වේලා මඳ බවද ජේම්ස් සදර්ලන්ඞ් මහතා පැවසීය.
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර මේ මස 4 වැනිදා බි‍්‍රස්බේන්හිදී ආරම්භ වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 9 වැනිදාට කල්දමා ඇති බවද කි‍්‍රකට් ඕස්ටේ‍්‍රලියා ආයතනය නිල වශයෙන් නිවේදනය කළේය.
අවමංගල්‍ය උත්සවය සඳහා විශේෂ අමුත්තන් ලෙස මාර්ක් ටේලර්, ශ්‍රීමත් රිචඞ් හැඞ්ලි, බ‍්‍රයන් ලාරා, විරාට් කෝලි, රවී ශ‍්‍රාස්ති‍්‍ර, ෂේන් වෝන්, මයික් හසී, රිකී පොන්ටිං, බ්‍රෙට් ලී, ඇඩම් ගිල්කි‍්‍රස්ට් සහ ග්ලේන් මැග‍්‍රාත් යන කී‍්‍රඩකයන් සහභාගී වීමට නියමිතය.
ඔවුන්ට අමතරව ඕස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට් මහතාද ඊට සහභාගී වීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.