Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හෝල්ඩර්ගේ උත්සාහය අපතේ යයි

හෝල්ඩර්ගේ උත්සාහය අපතේ යයි

editorial - 2021 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 37 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර අද (25 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කණ්ඩායම සමත් විය. මේ දක්වා තරග 10 කට සහභාගි වී ඇති පන්ජාබ් කණ්ඩායම එහිදී ලද සිවුවැනි ජයග්‍රහණය මෙය විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායමට රවී බිෂ්නෝයි ප්‍රමුඛ පන්ජාබ් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන්වන විට ලබාගත හැකි වූයේ ලකුණු 120 ක් පමණි. ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි ජේසන් හෝල්ඩර් පන්දු 29 කදී හයේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කළද, ඔහුට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය.

තරගය ජය ගැනීම සඳහා ‍නේතන් ‍එලිස් යැවී අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට හෝලඩර්ට සිදුවුවද, එක් හයේ පහරක් සමග එහිදී ඔහුට රැස්කරගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. රවී බිෂ්නෝයි ලකුණු 24 කට කඩුලු 3 ක්ද, මොහොමඩ් සාමි ලකුණු 14 කට කඩුලු 2 ක්ද දවාගනිමින් හයිද්‍රබාද් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කර දැමූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 125 ක් ලබාගත් අතර පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒඩ්න් මාක්‍රම් පන්දු 32 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 27 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් පන්දු 21 කදී ලකුණු 21 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජේසන් හෝල්ඩර් සිය ඕවර 4 ලකුණු 19 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් අතර සන්දීප් ශර්මා, බුවනේෂ්වර් කුමාර්, රෂීඩ් ඛාන් සහ අබ්දුල් සමාජ් කඩුල්ල බැගින් බිඳහෙළමින් පන්ජාබ් කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කළහ.

 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 කට 120
(රිධිමන් සාහා 31, ජේසන් හෝල්ඩර් නොදැවී 47, රවි බිෂ්නෝයි 24/3, මොහොමඩ් සාමි 14/2)

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 7 කට 125
(ලෝකේෂ් රාහුල් 21, ක්‍රිස් ගේල් 14, ඒඩ්න් මාක්‍රම් 27, හර්ප්‍රීත් බ්‍රාර් නොදැවී 18, ජේසන් හෝල්ඩර් 19/3)

 

-036


අදහස් (0)

හෝල්ඩර්ගේ උත්සාහය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.