වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම පරදවා ලකුණු 9 ක ජයක් අත්කර ගැනීමට හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම ඊයේ (28 වැනිදා) සමත්විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් හර්ෂ රාජපක්ෂ (71) සහ සචිත්‍ර සේරසිංහ (61) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර ඇන්ඩි සොලමන් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ඕෂධ ප්‍රනාන්දු (72) සහ කසුන් විදුර (71) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වුවද කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර ගැනීමට එය ප්‍රමාණවත් නොවීය.
හේලීස් ගෲප් - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 260
(හර්ෂ රාජපක්ෂ 71, සචිත්‍ර සේරසිංහ 61, සාරංග රාජගුරු 28/2, අකිල ධනංජය 38/2, දිනේෂ් බුද්ධික 47/2)
කැන්රිච් ෆිනෑන්ස් - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 251
(ඕෂධ ප්‍රනාන්දු 72, කසුන් විදුර 71, ඇන්ඩි සොලමන් 31/3, විනූ මොහොට්ටී 15/2, අලී ඛාන් 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.