Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු උපනායක නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාම මේ වන විට මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමකට ලක්ව සිටින නමුත් නියමිත කාලය ඉක්ම යාමට පෙරම ඔවුන් යළි ක්‍රිකට් පිටියට අවතීර්ණ වන බවට ඉඟි පළකෙරෙමින් තිබේ. එහි පළමු ඉඟිය හෙළිදරව් වූයේ කුසල් මෙන්ඩිස් සී.සී.සී. පිල හැරදා එස්.එස්.සී. පිලට එක්වීමත් සමගිනි.
වාර්තා වන ආකාරයට, මෙම තිදෙනාගේම මානසික සෞඛ්‍ය උපදේශකවරුන්ගෙන් ලැබෙන ධනාත්මක වාර්තා අනුව ඔවුන් තිදෙනාගේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සලකා බලමින් සිටී. නියමිත කාලය ඉවත්වීමට දින කිහිපයකට කලින් හෝ දේශීය තරග තහනම ඉවත් කරන්නේ නම් ඒ එල්.පී.එල්. තරගාවලිය ඉලක්ක කරගනිමිනි.
කෙසේ වෙතත් ලබන මස 20 වැනිදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ තරගාවලියට පෙර මෙම ක්‍රීඩකයන්ගේ තරග තහනම ඉවත් කිරීම බෙහෙවින් අවිනිශ්චිත තත්ත්වයක තිබේ. නියමිත මාස 6 ඉකුත්වීමට පෙර දේශීය තහනම ඉවත් කෙරුණ හොත් දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භවීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩා කිරීම කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක තිදෙනාගේම අරමුණ වී තිබේ.
එංගලන්ත සංචාරයේදී (ජූලි 27 වැනිදා) ජෛව ආරක්‍ෂිත බුබුළ බිඳීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් වෙනුවෙන් වසරක අන්තර්ජාතික තරග තහනමකට මුහුණ දී සිටින මෙම ක්‍රීඩකයන් තිදෙනාම මාස 6 ක දේශීය ක්‍රිකට් තහනමකටත් ලක්ව සිටිති. ඊට අමතරව රුපියල් කෝටියක දඩ මුදලකටද තිදෙනාම යටත්ව සිටිති. තිදෙනාමට පනවා ඇති අන්තර්ජාතික ක්‍රිකට් තහනම තවත් වසර දෙකකට අත්හිටුවා තිබේ.
මේ සියල්ල තිබියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිර්දේශ කරන ලද මානසික වෛද්‍ය උපදේශකවරයකු සෑම සතියකදීම හමුවී උපදෙස් ලබාගත යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිර්දේශ කරනු ලැබ ඇත්තේ කොළඹ නවලෝක රෝහලේ මනෝචිකිත්සක - වෛද්‍ය චාමර විජේසිංහ මහතාය.
තමන්ට එරෙහිව පනවන ලද තහනම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් තිදෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අභියාචනා ඉදිරිපත් කර තිබේ. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිචාරය වී ඇත්තේ අභියාචනය සලකා බැලීමට පෙර, අඩුම තරමේ මාස 3 ක කාලයක් වත් මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ක්‍රීඩකයන් තිදෙනාට පනවා ඇති මාස 6 ක දේශීය තරග තහනම ඉවත් කිරීමට පෙර, වෛද්‍ය විශේෂඥයාගෙන් ලැබෙන වාර්තා ඉතාමත් දැඩිව සැලකිල්ලට ගන්නා බවයි.
කෙසේ වෙතත් ක්‍රීඩකයන් තිදෙනාට පනවා ඇති වසරක කාලයක් සඳහා වන අන්තර්ජාතික තරග තහනමත්, වසර දෙකක් සඳහා අත්හිටුවන ලද අන්තර්ජාතික තරග තහනමත් එලෙසින්ම පවතිනු ඇත.
නිරෝෂන් දික්වැල්ල හැරුණු විට, අනෙක් ක්‍රීඩකයන් දෙදෙනාම සම්බන්ධයෙන් අතීත වැරදි රැසක් තිබේ. ඒ බොහෝ අවස්ථාවලදී ධනුෂ්ක ගුණතිලක මෙන්ම කුසල් මෙන්ඩිස් දෙදෙනාම ගැළවුණේ දෙදෙනා ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ වල ප්‍රබලයන්ගේ අනුහසිනි. කුසල් මෙන්ඩිස් සී.සී.සී. ක්‍රීඩා සමාජයටද ධනුෂ්ක ගුණතිලක එස්.එස්.සී. ක්‍රීඩා සමාජයටද ක්‍රීඩා කළහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.