කැලණිය ගුරුකුල විදුහල සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේදී පැවැත්වෙන 25 වැනි ‘කැලණි සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (13 වැනිදා) තරගය නිමා වනවිට තම පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ගුරුකුල විදුහල සියලූ දෙනා දැවී ලකුණු 183 ක් රැස්කළේය.
ඒ අනුව පළමු ඉනිමේදී ඔවුහු ධර්මාලෝක විදුහලට වඩා ලකුණු 62 ක් ඉදිරියෙන් සිටිති. අද තරගයේ දෙවැනි දිනයයි.
එහිදී වයස 19 න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කළ ගුරුකුල විදුහලේ නායක හෂාන් දුමිඳු පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 105 ක් රැස්කිරීමට සමත්විය.
ගුරුකුල විදුහලේ පිතිකරුවන් අසරණ තත්වයකට අද දැමූ තිවංක කැකුළුගොඩ ලකුණු 53 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ඔහුට අනගි සහයක් දුන් නිෂාන් හසරැල් ලකුණු 54 කට කඩුලූ 3 ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ ගුරුකුල විදුහල, පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ධර්මාලෝක විදුහලට ආරාධනා කර සිටි අතර ඕවර 48.1 ක් අවසානයේ ඔවුන්ට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 121 ක් පමණි.
ධර්මාලෝක විදුහලේ කිසිදු පිතිකරුවකුට ලකුණු 50 සීමාව ඉක්මවා යෑමට ගුරුකුල විදුහලේ පන්දුයවන්නන් ඉඩ නොදුන් අතර රොෂාන් අනුරුද්ධ, හෂාන් දුමිඳු, ජයමාල් වන්නිආරච්චි කඩුලූ 3 බැගින් බිඳහෙළමින් ධර්මාලෝක පළමු ඉනිම 121 කට සීමා කිරීමට පන්දුවෙන් දායක වූහ.
ධර්මාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 121
(කුසල් අශේන් 39, තරිඳු මදුසංක 20, රොෂාන් අනුරුද්ධ 26/3, හෂාන් දුමිඳු 48/3, ජයමාල් වන්නිආරච්චි 32/3)
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 183
(හෂාන් දුමිඳු 105, රොෂාන් අනුරුද්ධ 27, තිවංක කැකුළුගොඩ 53/5, නිෂාන් හසරැල් 54/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.