Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සිම්බාබ්වේ පිල ලකුණු 380 ක් පසුපසින්

සිම්බාබ්වේ පිල ලකුණු 380 ක් පසුපසින්

ශනුක අරවින්ද - 2014 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර ශෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ පිල කඩුල්ලක් දැවී ලකුණු 53 ක් ලබා සිටියේය.

තරගය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බ‍්‍රයන් චැරී නොදැවී ලකුණු 21 සහ හැමිල්ටන් මසකඞ්සා නොදැවී ලකුණු 15 බැගින් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ පිල සියලූ දෙනා දැවී ලකුණු 433 ක් ලබාගත් අතර තමීම් ඉක්බාල් (109) සහ ශකීබ් අල් හසන් (137) ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මෙය තමීම් ඉක්බාල්ගේ පස්වැනි ටෙස්ට් ශතකය වන අතර ශකීබ් අල් හසන්ගේ හය වැනි ටෙස්ට් ශතකය වේ. ශකීබ් අල් හසන් ටෙසට් ඉනිමකදී රැස්කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද එය හැදින්වේ.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ පිලේ නායක මුෂ්ෆිකර් රහීම් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

බංග්ලාදේශ පිල - පළමු ඉනිම සියලූ දෙනා දැවී 433
(තමීම් ඉක්බාල් 109, මොනමුල් හක් 35, මහමදුල්ලා 56, ශකීබ් අල් හසන් 137, තයිජුල් ඉස්ලාම් 32, ටිනාෂේ පන්යන්ගාරා 49/2, ටෙන්ඩායි චටාරා 61/2, මැල්කම් වෝලර් 65/2)  

සිම්බාබ්වේ පිල - පළමු ඉනිම කඩුල්ලක් දැවී 53
(බ‍්‍රයන් චැරී නොදැවී 21, හැමිල්ටන් මසකඞ්සා නොදැවී 15)

-036

 


අදහස් (0)

සිම්බාබ්වේ පිල ලකුණු 380 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.