මුල් පෙළේ ජාතික කණ්ඩායම් බංග්ලාදේශයේ සහ බටහිර ඉන්දීය දූපත් සමූහයේ තරග වැදීමට සුදානම් වෙමින් සිටියදී ජාතික කණ්ඩායම් වල දොරටුවට තට්ටු කරමින් සිටින එංගලන්ත සහ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගෙන් සමන්විත තවත් කණ්ඩායම් දෙකක් ජාතික කණ්ඩායම් වල තමන්ට හිමි තැන සොයාගැනීම සඳහා හෙට (12 වැනිදා) මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයට පිවිසෙති.
ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ.
වසර හයකට පමණ පසුව අන්තර්ජාතික මට්ටටම් පළමු පෙළ තරගයක් සඳහා කැඳවා සිටින, ශී‍්‍ර ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු, උපුල් තරංග ශී‍්‍ර ලංකා පිල මෙහෙයවයි. නිමාවූ අළු බඳුන තරගාවලියේදී එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කළ කි‍්‍රස් වෝක්ස් එංගලන්ත පිලේ නායකයාය.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම වෙනුවෙන් පසුගිය කාලයේදී කී‍්‍රඩා කළ කී‍්‍රඩකයන්ගෙන් 9 දෙනකු පමණ ජාතික කණ්ඩායමට එක්වී සිටින නිසා මෙවර එංගලන්ත ලයන්ස් පිලට මුහුණ දෙන්නේ අත්දැකීම් අඩු නවකයන්ගෙන් සමන්විත කී‍්‍රඩකයන් පිරිසකි. එහෙත් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු රොමේෂ් කළුවිතාරණ මහතාගේ අදහස වන්නේ තරගාවලියේ ජයග‍්‍රහණයට වඩා වැදගත් වන්නේ මෙවන් තරගාවලියකින් අත්දැකීම් එකතු කරගනිමින් ජාතික කණ්ඩායමට කී‍්‍රඩකයන් සූදානම් කිරීම බවයි.
ශී‍්‍ර ලංකා සංචිතයට වේග පන්දු යවන්නන් සිවු දෙනකු ඇතුළත් ව සිටින නමුත් එහි දග පන්දු යවන්නෝ තිදෙනෙක්ද සිටිති. ඉතා දැඩි වියළි බවකින් යුත් පල්ලෙකැළේ ප‍්‍රදේශයේදී පැවැත්වෙන මෙම තරගයේදීත් තමන්ට දග පන්දු යවන්නන්ගෙන් අභියෝගයක් එල්ල විය හැකි බවට එංගලන්ත කී‍්‍රඩකයෝ අනුමාන කරති.
”හැම සංචාරයක්ම යනකොට අප හිතාගෙන යන්නේ පුළුවන් තරම් හොඳින් කී‍්‍රඩා කරලා ජාතික කණ්ඩායමේ තැනක් දිනාගන්නයි. මේ තරගාවලියත් ඒ වාගේම තමයි”
”එංගලන්තය වෙනුවෙන් අනාගතයේදී කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් කවුරුන්ද කියා දැන්ම කියන්න බැරි වුණත් බොහෝ විට මේ තරගාවලිය අවසානයේදී ඔවුන්ගේ නම් කිහිපයක් මතු කරන්නට පුළුවන් වේවි” යයිද එංගලන්ත ලයන්ස් පිලේ නායකයා පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී අද (11 වැනිදා) පැවසීය.
පසුගියදා ඕස්ටේ‍්‍රලියාවේදී පැවති අළු බඳුන තරගාවලියේදී මෙන්ම ඉන් අනතුරුව පැවැති එක්දින සහ වි:20 තරගාවලි දෙකේදීත් අතිශය දරුණු පරාජයන් වැලකට මුහුණ දුන් එංගලන්ත කණ්ඩායම මේ දිනවල සුසුම්ලමින් සූදානම් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියක් සඳහාය.
අනතුරුව පැවැත්වෙන වි:20 ලෝක කුසලාන තරගාවලියට සහ අයි. පී. එල්. තරගාවලියට පසුව එළැඹෙන්නේ එංගලන්ත ගිම්හානයයි.
මෙවර එංගලන්ත ගිම්හානයේදී පළමු ටෙස්ට් තරගාවලිය ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන හෙයින් අදින් ඇරඹෙන නිල නොවන ටෙස්ට් තරගාවලිය එංගලන්ත කී‍්‍රඩකයන්ටද අතිශයින් වැදගත් වෙයි.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම
උපුල් තරංග (නායක), උදාර ජයසුන්දර, භානුක රාජපක්‍ෂ, රොෂ්න් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, මාධව වර්ණපුර, ධනුෂ්ක ගුණතිලක, ෂෙහාන් ජයසූරිය, චතුරංග ද සිල්වා, තරිඳු කෞෂාල්, චතුර රන්දුනු, විශ්ව ප‍්‍රනාන්දු, ධම්මික ප‍්‍රසාද්, ඉෂාන් ජයරත්න සහ ළහිරු ගමගේ
එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කණ්ඩායම
කි‍්‍රස් වෝක්ස් (නායක), මොයීන් අලී, ජොනී බෙයාර්ස්ටෝ, ස්කොට් බ‍්‍රැත්වික්, වරුන් චොප්රා, බෙන් ෆෝක්ස්, ජේම්ස් හැරිස්, කි‍්‍රස් ජෝර්ඞ්න්, සයිමන් කෙරිගන්, ඇලෙක්ස් ලීස්, ටයිමල් මිල්ස්, ග‍්‍රැහැම් ඔනියන්ස්, ලයාම් ප්ලන්කට්, ඔලී රේනාර්, සෑම් රොබ්සන්, ජේම්ස් ටේලර් සහ ජේම්ස් වින්ස්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.