Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සෝබර්ස් සම්මානයට සංගා - මැතිව්ස් ළංවෙති

සෝබර්ස් සම්මානයට සංගා - මැතිව්ස් ළංවෙති

දිලිනි මල්රුක්ෂි - 2014 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන වාර්ෂික සම්මාන උළෙලේ (2014) වසරේ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට පිරිනැමෙන ‘ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය සදහා නිර්දේශිත අවසන් සිවුදෙනා අතරට ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ වර්තමාන නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව සිටිති.

සංගක්කාර සහ මැතිව්ස් මෙම සම්මානයට අමතරව වසරේ ටෙස්ට් ක‍්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශිත අවසන් ක‍්‍රීඩකයන් සිවුදෙනා අතරටද ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පා දඟ පන්දු යවන ක‍්‍රීඩක රංගන හේරත් වසරේ දක්‍ෂතම විස්සයි20 ක‍්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ වී සිටින අවසන් තිදෙනා අතරට ඇතුළත්ව සිටියි.   

කුමාර් සංගක්කාර මෙවර ‘ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මාන ලැබුවහොත් එම සම්මානය ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. සංගක්කාර 2012 වසරේ ශ්‍රී ලංකාවේදී පැවැති අන්තර්ජාති ක‍්‍රිකට් සභා වාර්ෂික සම්මාන උළෙලේදීත් ‘ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය දිනා ගැනීමට සමත් විය.

මෙම සම්මාන උළෙල ආරම්භ කළ 2004 වසරේ සිට මේ දක්වා කිසිදු ක‍්‍රීඩකයකු ‘ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය දෙවරක් දිනා නැත.  

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා සම්මානය සදහා දකුණු අප‍්‍රිකානු පිලේ නායක, ප‍්‍රවේගකාරි පිතිකරු ඒ. බී. ඩිවිලියර්ස් සහ  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ජොන්සන් ඇතුළත්ව සිටිති.  ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන ක‍්‍රීඩක මිචෙල් ජොන්සන් සහ ආරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් වසරේ ටෙස්ට් ක‍්‍රීඩක සම්මානයට සංගක්කාර සහ මැතිව්ස් සමග තරග කරති.

මෙම සම්මාන සදහා 2013 වසරේ අගෝස්තු මස 26 වැනිදා සිට 2014 වසරේ සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා පැවැති තරග සැළකිල්ලට ලක්කෙරේ.

කුමාර් සංගක්කාර එම කාලය තුළ ටෙස්ට් තරග 11 කදී ශතක 4 ක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1,502 ක් රැුස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටියි. එහිදී සංගක්කාර ලකුණු 75 කට වැඩි සාමාන්‍යයක් පවත්වාගෙන තිබේ. කුමාර් සංගක්කාර එම කාලය තුළ එක්දින තරග 26 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 42 කට ආසන්න සාමාන්‍යයක් ර`දවා ගනිමින් ලකුණු 1,046 ක් රැස් කිරීමට සමත්ව තිබේ.

ඇන්ජලෝ මැතිව්ස් එම වසර තුළදී දෙවැනි වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්වෙමින් තරග 11 කදී ලකුණු 1,292 ක් රැස්කර තිබේ.

මැතිව්ස් එහිදී ලකුණු 92.28 ක සාමාන්‍යයක් පවත්වා ගැනීම කැපී පෙනෙන සිද්ධියකි. තුන් ඉරියව් ක‍්‍රීඩක මැතිව්ස් එක්දින තරග 28 කදී ලකුණු 54 කට ආසන්න සාමාන්‍යයක් රදවා ගනිමින් ලකුණු 965 ක් රැස්කර තිබේ.

විස්සයි20 සම්මාන සඳහා රංගනට අමතරව එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් සහ  ඕස්ටේ‍්‍රලියානු පිතිකරු ඒරන් ෆින්ච් ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක‍්‍රීඩක කුමාර ධර්මසේන මහතා පසුගිය වසරේ මෙම සම්මාන උළෙලේදී හොදම විනිසුරු ලෙස සම්මාන හිමිකරගත් අතර මෙවර ද ධර්සේන මහතා සම්මාන සඳහා නිර්දේශිත විනිසුරුවරුන් 12 දෙනා අතරට ඇතුළත්ව සිටියි.

මෙවර ද ක‍්‍රිකට් සම්මාන උළෙලක් නොපැවැත්වෙන අතර මේ මස 14 වැනිදා නිල වශයෙන් සම්මාන ලාභීහු නිවේදනය කිරීමට නියමිතය. පසුගිය වසරේ (2013) සිට සම්මාන උළෙලක් නොපැවැවෙන අතර මෙවර එය රූපවාහිනි විකාශයකට පමණක් සීමා කර ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පවසයි. රූපවාහිනි වැඩසටහන මේ මස 15 වැනිදා විකාශය කෙරේ.

සම්මාන සදහා නිර්දේශිත කෙටි ලැයිස්තුව

වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා (ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස්’ සම්මානය)
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව), ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව) සහ මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව)

වසරේ ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩකයා
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව), ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව), ඬේවිඞ් වෝනර් ( ඕස්ටේ‍්‍රලියාව) සහ මිචෙල් ජොන්සන් ( ඕස්ටේ‍්‍රලියාව)

වසරේ එක්දින ක‍්‍රීඩකයා
කුවින්ටන් ඞී කොක් (දකුණු අප‍්‍රිකාව), ඒ. බී. ඩිවිලියස් (දකුණු අප‍්‍රිකාව), විරාට් කෝලි (ඉන්දියාව) සහ ඩෙයින් ස්ටෙයින් (දකුණු අප‍්‍රිකාව)

වසරේ විස්සයි20 ක‍්‍රීඩකයා
රංගන හේරත් (ශ්‍රී ලංකාව), ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය) සහ ඒරන් ෆින්ච් ( ඕස්ටේ‍්‍රලියාව)

වසරේ නැගී එන ක‍්‍රීඩකයා
කොරී ඇන්ඩසන් (නවසීලන්තය), ගැරී බැලන්ස් (එංගලන්තය), ජිමි නිෂාම් (නවසීලන්තය) සහ බෙන් ස්ටොකිස් (එංගලන්තය)

ටෙස්ට් තත්ත්වය නොලැබූ රටවල වසරේ ක‍්‍රීඩකයා
කලූම් මැක්ලිලොඞ් (ස්කොට්ලන්තය), ප්‍රෙස්ටන් මොම්සෙන් (ස්කොට්ලන්තය), මොහොමඞ් නබී (ඇෆ්ගනිස්තානය) සහ සමියුල්ලා ෂෙන්වරි (ඇෆ්ගනිස්තානය)

වසරේ එක්දින ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව
චාලට් එඞ්වඞ්ස් (එංගලන්තය), මිතාලි රාජ් (ඉන්දියාව), සාරා ටේලර් (එංගලන්තය) සහ ස්ටෙෆනි ටේලර් (බ.ඉ.කො.)

වසරේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව
චාලට් එඞ්වඞ්ස් (එංගලන්තය), මැග් ලිනින් ( ඕස්ටේ‍්‍රලියාව), මිතාලි රාජ් (ඉන්දියාව) සහ ස්ටෙෆනි ටේලර් (බ.ඉ.කො.)

වසරේ විනිසුරුවරයා (ඬේවිඞ් ෂෙපර්ඞ් සම්මානය)
අන්තර්ජාතික ක‍්‍රිකට් සභා විනිසුරු ලැයිස්තුවේ විනිසුරුවන් 12 දෙනා

වසරේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීවගුණය රැගකත් කණ්ඩායම

කිසිදු රටක් මේ දක්වා නම් කර නොමැත.

- 048


අදහස් (1)

සෝබර්ස් සම්මානයට සංගා - මැතිව්ස් ළංවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.