Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සේවින්දගේ පන්දු යැවීමෙන් සුමංගල විදුහලට ජය

සේවින්දගේ පන්දු යැවීමෙන් සුමංගල විදුහලට ජය

සංජය එරමුදුගොඩ - 2014 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ දෙහිවල එස්. ද. එස්. ජයසිංහ විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී සුමංගල විදුහල සමත්විය.

තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය වූ ලකුණු 11, එක් කඩුල්ලක් පමණක් දැවී රැස්කිරීමට ශ්‍රී සුමංගල විදුහල් කී‍්‍රඩකයෝ සමත්වූහ.

ශ්‍රී සුමංගල විදුහලේ සේවින්ද තුලක්ෂණ, එස්. ද. එස්. ජයසිංහ විදුහලේ ඉනිම් දෙකේදී ලකුණු 26 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

නදිරු රුක්ෂාන් (නොදැවී 73) සහ සමිත් යසන්ත (71), ශ්‍රී සුමංගල විදුහලේ පළමු ඉනිමේදී අර්ධ ශතක රැස්කළ අතර දිනුකර ලක්ෂිත (61) එස්. ද. එස්. ජයසිංහ විදුහලේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක් රැස්කළේය.


එස්. ද. එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම -  ඕවර 32.3 කදී සියලූ දෙනා දැවී 185
(දිනුකර ලක්ෂිත 61, තිලංක රූපසිංහ 31, තරිඳු පීරිස් 27, සජිත් සමීර 24, කෞමාල් නානායක්කාර 22/3, ළහිරු විමුක්ති 35/3, සේවින්ද තුලක්ෂණ 19/2, ඉසුරු ෆොන්සේකා 36/2)

ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම -  ඕවර 55 කදී සියලූ දෙනා දැවී 270
(නදිරු රුක්ෂාන් නොදැවී 73, සමිත් යසන්ත 71, ළහිරු විමුක්ති 35, කුෂාන් අකලංක 34, හරිත් ලක්ෂාන් 13, මධුක නිරෝෂන් 62/4, ඉෂාර දර්ශන 68/4)

එස්. ද. එස්. ජයසිංහ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 35 කදී සියලූ දෙනා දැවී 91  
(තරිඳු පීරිස් 25, ඩිල්ෂාන් යසසිරි නොදැවී 23, සේවින්ද තුලක්ෂණ 7/5, හේෂාන් ධනුෂ්ක 17/2)

ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 1.3 කදී කඩුල්ලක් දැවී 11


- 036


අදහස් (0)

සේවින්දගේ පන්දු යැවීමෙන් සුමංගල විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.