‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ (2019) 12 වැනි සතිය නිමාවන විට ඡන්ද 2500 සීමාව සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සුඛිත මනෝජ් සමත්ව සිටියි. ගෙවීගිය සතිය තුළදී ලබාගත් ඡන්ද 173 ත් සමගින් මේ වන විට ඔහු ලබා සිටින මුළු ඡන්ද සංඛ්‍යාව 2580 කි.
සුඛිතට වඩා ඡන්ද 977 ක් පසුපසින් සිටින ගාල්ල මහින්ද විදුහලේ නවෝද් පරණවිතාන, ඡන්ද 1603 ක් ලබාගනිමින් එම කාණ්ඩයේ දෙවැනි ස්ථානේ පසුවන අතර ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද ගොන්නට අලුතින් ඡන්ද 221 එක්කර ගැනීමට ඔහු සමත් වී ඇත.
කොළඹ නාලන්දා විදුහලේ සහ මහනුවර ත්‍රිත්ව විදුහලේ ක්‍රීඩකයන් දෙදෙනෙක් වන ලක්ෂිත රසාංජන සහ අභිෂේක් ආනන්ද ඡන්ද 1118 ක් සහ 529 ක් බැගින් ලබා පිළිවෙලින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිති.
නැගී එන කාණ්ඩයේ පෙරමුණේ රැදී සිටින ගම්පහ ශාන්ත පීතර විදුහලේ විෂල් රුක්ෂාන් ගෙවී ගිය සතිය තුළදී සිය ඡන්ද සංඛ්‍යාව 3032 සිට 3353 දක්වා ඉහළ දමාගෙන තිබේ. ඔහුට වඩා ඡන්ද 1364 ක් පසුපසින් සිටින නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ තරුෂ සඳරුවන් ඡන්ද 1989 ක් ලබා එම කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ පසුවේ.
බාලිකා පාසල් කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටින රත්ගම දේපතිරාජ විදුහලේ සත්‍යා සංදීපනී, ඡන්ද 221 ක් ලබා සිටින අතර නුගේගොඩ අනුලා විදුහලේ සිත්මි නිරාෂා ඡන්ද 37 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවන්නීය.
මෙම තරගයට අදාළ කූපන්පත් විජය පුවත්පත් සමාගමේ ලංකාදීප, අද, ඬේලි මිරර්, ඬේලි එෆ්.ටී. සහ ටැමිල් මිරර් යන දිනපතා පුවත්පත්වලද, ‘සන්ඬේ ටයිම්ස්’ සහ ‘දේශය’ යන සති අන්ත පුවත්පත්වලද අන්තර්ගත වේ. තමන් කැමතිම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා වෙනුවෙන් මනාප පළ කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පාඨකයන්ට අවස්ථාව තිබේ.
තමන් කැමතිම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාවට අන්තර් ජාලය ඔස්සේ මනාප පළ කිරීමේ අවස්ථාව නොවැම්බර් මස 1 වැනිදා සිට ආරම්භ විය. www.dialog.lk/cricket/register යන වෙබ් අඩවියට පිවිසීමෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම තරගය සඳහා ලියාපදිංචි විය හැකිය.
කූපන්පත් මගින් යොමු කෙරෙන මනාප සහ අන්තර් ජාලය මගින් පළකරන මනාප සතිපතා ගණනය කෙරෙන අතර එහි නිල ප්‍රතිඵල ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ මෙන්ම ‘සන්ඬේ ටයිම්ස්’ වෙබ් අඩවියේද ‘ලංකදීප’ පුවත් පතේ සහ ‘කෙළිමඬළ’ වෙබ් අඩවියේද පළකෙරේ.
පාඨකයන් වෙනුවෙන් පැවැත්වෙන තරගයේ පසුගිය සතියේ ජයග්‍රාහකයෝ
1 ආර්. හෙට්ටිආරච්චි, 67, ධර්මරාම මාවත, වෙහෙරගම්විට, මාතර
2 කේ.ඩබ්ලිව්.එච්. ප්‍රදීප්, 443, අත්ගල, ගම්පොල
3 පී. උමයංගනා ධනයංජලි, ‘මුදලි ගෙදර’, බූස්ස, ගාල්ල
4 එස්.බී. සේනානායක, 59ජී, මාරපොල, වේයන්ගොඩ
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.